රක්ෂිත වනාන්තර වැනසීමේ නව කැබිනට් අනුමැතිය පරාජය කරමු.

වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන වනාන්තරවල ගැටළු නිරාකරණය සඳහා ලබා ගෙන ඇති කැබිනට් මණ්ඩල අනුමැතියේ නොපෙනෙන පැතිකඩ පිළිබඳ ව අනාවරණය කිරීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 2023 ජනවාරි මස 31 වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රාවණාගාරයේ දී පැවැත් විණ. එහි දී කැබිනට් අනුමැතියට යටත් වන දිස්ත්‍රික්ක 11 හි රක්ෂිත වනාන්තරවල පැවැත්මට එල්ල විය හැකි අහිතකර බලපෑම් හා මෙම වැරදි තීන්දුව හේතුවෙන් ඇති විය හැකි කෘෂිකාර්මික අර්බුද, ජල අර්බුද, අලි – මිනිස් ගැටුම වර්ධනය වීම වැනි කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරින.

මේ සඳහා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ චින්තක රාජපක්ෂ සහ සජීව චාමිකර, පරිසර යුක්ති කේන්ද්‍රයේ ජනක විතානගේ, ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සුපුන් ලහිරු ප්‍රකාශ්, ඉකෝ බි්‍රගේඩ් සංවිධානයේ හසන්ත විජේතුංග, තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ ලක්ෂිත එදිරිසිංහ, ජෛව විවිධත්ව සංරක්ෂණ සංගමයේ ක්‍රිශාන් වේවැල්වල හා සමාජ ක්‍රියාකාරී පාලිත වික්‍රමරත්න යන අය සහභාගී විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...