රක්ෂිත වනාන්තර වැනසීමේ නව කැබිනට් අනුමැතිය පරාජය කරමු.

වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන වනාන්තරවල ගැටළු නිරාකරණය සඳහා ලබා ගෙන ඇති කැබිනට් මණ්ඩල අනුමැතියේ නොපෙනෙන පැතිකඩ පිළිබඳ ව අනාවරණය කිරීම සඳහා විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් 2023 ජනවාරි මස 31 වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රාවණාගාරයේ දී පැවැත් විණ. එහි දී කැබිනට් අනුමැතියට යටත් වන දිස්ත්‍රික්ක 11 හි රක්ෂිත වනාන්තරවල පැවැත්මට එල්ල විය හැකි අහිතකර බලපෑම් හා මෙම වැරදි තීන්දුව හේතුවෙන් ඇති විය හැකි කෘෂිකාර්මික අර්බුද, ජල අර්බුද, අලි – මිනිස් ගැටුම වර්ධනය වීම වැනි කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරින.

මේ සඳහා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ චින්තක රාජපක්ෂ සහ සජීව චාමිකර, පරිසර යුක්ති කේන්ද්‍රයේ ජනක විතානගේ, ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ සුපුන් ලහිරු ප්‍රකාශ්, ඉකෝ බි්‍රගේඩ් සංවිධානයේ හසන්ත විජේතුංග, තරුණ සත්ත්වවේදීන්ගේ සංගමයේ ලක්ෂිත එදිරිසිංහ, ජෛව විවිධත්ව සංරක්ෂණ සංගමයේ ක්‍රිශාන් වේවැල්වල හා සමාජ ක්‍රියාකාරී පාලිත වික්‍රමරත්න යන අය සහභාගී විය.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...