රජයේ සේවකයන්ට පඩි ගෙවීම වට දෙකකට – විශ්‍රාම වැටුප් ගෙවීමත් ප්‍රමාදයි

රාජ්‍ය සේවක වැටුප් දෙවරකට ගෙවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව රජයේ විධායක නිලධාරීන්ගේ මාසික වැටුප දින කිහිපයක් පසුකර ගෙවීමටත්
විධායක නොවන නිලධාරීන්ගේ වැටුප නියමිත දිනට ගෙවීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි පැවසේ.

මේ අතර විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දින කිහිපයක් වනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (17) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ප්‍රමාදය සිදු වුවද එම ගෙවීම් සිදු කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන් බවයි.

“ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දවස් දෙකක් පමා වුවත් නියමිත දින ගෙවීමට කටයුතු කරනවා එකතුවෙන මුදල් අනුව. මුලින්ම මාණ්ඩලික නොවන රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවනවා. එත් කෙටි කාලයක පමාව සිද්ධ වෙන්න පුළුවන් මේ දුෂ්කර අවස්ථාවක නිසා. මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන්ට වැටුප් ගෙවීම දවස් දෙක තුනක් හෝ සතියක් ප්‍රමාද වෙන්න පුළුවන්.

කොහොම වුණත් මුදල් එකතු වුණේ නැතත් වැටුප් ගෙවිඅ සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුක් කරලා ඒ සඳහා වෙළෙඳපොලෙන් හොයා ගන්න බැරිම උනොත් අච්චු ගහලා හරි මේ ටික සකස් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට යම් කාලපරාසයක් අවශ්‍ය නිසා හරි දිනයේ රාජ්‍ය සේවකයින් වැටුප් ගෙවීම සිදුකර නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා.

ලක් ඉතිහාසයේ ප්‍රථම වරට තමා මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මොකද මීට කලින් මේ වගේ තත්ත්වයක් ඇති වුණා. ණය ගත්තා සල්ලි අච්චු ගැහුවා ගෙව්වා. දැන් ඒක කරන්නත් බෑ. මේ නිසා මිහිරි යථාර්ථයට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවා. එත් කිසිම කෙනෙක් අවිශ්වාසයක් ඇති කරගන්න ඕන නැහැ. කොහොම හරි අනිවාර්යයෙන් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, පොහොර, බෙහෙත්, සමෘද්ධි දීමනා යනාදියට මුදල් ලබා දෙනවා”.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...