චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් දරුවන්ගේ අස්ථි කොටස් හමුවෙයි

චෙම්මනි සමූහ මිනීවල තුලින් හමුවූ මිනිස් අස්ථි ප්‍රමාණය 259 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් මැයි 7 වැනි බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන්ට දැනුම් දී සිටියේ චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මේ වන විට පුද්ගලයන් 254 දෙනකුට අයත් අස්ථි ගොඩ ගෙන ඇති අතර බදාදා සහ බ්‍රහස්පතින්දා (මැයි 6,7) ගොඩ ගන්නා ලද මිනිස් අස්ථි 5 න් බහුතරය කුඩා දරුවන්ගේ බවයි.

“අද ඇටසැකිලි දෙකක් ගොඩ ගත්තා. මේ වන විට මිනිස් ඇටසැකිලි 254ක් ගොඩ අරගෙන තියනවා. ඇටසැකිලි 259ක් හඳුනාගෙන තිබෙනවා. “

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.

දින 45 ක් තිස්සේ සිදු කළ දෙවැනි අදියරේ කැනීම් කටයුතු 2025 සැප්තැම්බර් 06 වැනිදා දහවල් නිමා කරන විට සමුහ සුසානයෙන් මතු කරගෙන තිබු ළමා ලපටින්ගේ ද ඇතුළු මිනිස් අස්ථි 240 අතුරින් එකක් හැර සියලු ඇටසැකිලි ගොඩ ගෙන තිබුනි. එම සියළු අස්ථි හමුවී තිබුනේ කැනීම් වළේ අඩි එක හමාරත්, දෙකත් අතර ගැඹුරක් තුලදීය.

වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් 2026 අප්‍රේල් 30 වැනිදා මාධ්‍ය වේදීන් හමුව හෙළි කර තිබුනේ දෙවැනි අදියරේ කැනීම් වලදී ගොඩ නොගෙන ඉතිරි වු මිනිස් අස්ථි පඤ්ඤරය තවමත් ගොඩ ගෙන නොමැති අතර එය කැනීම් භුමියේම සංරක්ෂනය කර පවතින බවයි.

චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමගම මේ වන තෙක් ගොඩගන්නා ලද පාරිහාරික වස්තු 96 අතර ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වෙයි.

ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ බාල ළමුන් 28 ක් ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වලයි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...