Breaking News

අය වැය පරාජය වීම වලක්වා ගන්න කලු සල්ලි විසි කරන්න බැසිල් ආවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ නොවැම්බර් 20 වෙනිදා නැවත ඇමරිකාවේ සිට ලංකාවට පැමිණියා.බැසිල්ගේ පැමිණීම සාකච්ඡාවට ගෙන පරණ ප්‍රවෘත්තියක් බවට පත්වෙලා හමාරයි. නමුත් බැසිල් ගේ පැමිණීම සරලව බැහැර කරන්න බැහැ.

හෙට රනිල් රාජපක්ෂගේ අයවැය දෙවන වර කියවීම සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනය.මේ පවතින වටපිටාව තුළ මැතිවරණයකට ගියොත් දරුණු පල විපාක වලට මුහුණ පාන්නට සිදුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමටයි. බැසිල්ගේ නැවත ලංකා ගමනය වැදගත් වෙන්නේ මෙන්න මෙතනදී. මතුපිටින් පක්ෂපාතීත්වය පෙන්වමින් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් මේ අය-වැය ට විරුද්ධයි. රනිල් රාජපක්ෂ ඉදිරිපත් කරපු මේ මර උගුල් අයවැය පරාජයට පත් වේවි කියන බිය පොදුජන පෙරමුණේ ඉහළ පෙළ කණ්ඩායමට තියෙනවා. මෙන්න මේ අවදානම කළු සල්ලි හුවමාරුවෙන් වළක්වා ගැනීමේ අරමුණ ඇතිව තමයි බැසිල් ලංකාවට හදිසියේම පැමිනෙන්නේ. මේ මොහොතේ මැතිවරණයකට නොයා වළක්වා ගැනීමේ අරමුණින් මේ අයවැය ඡන්ද විමසුම ජයග්‍රහණය කිරීමට අවශ්‍ය කරන මුදල් හුවමාරුවක් සිදු කිරීමට සිදු වුවොත් ඒ සඳහා මුදල් වියදම් කරන්නට රාජපක්ෂ ආණ්ඩුව පවතින සමයේ කළු සල්ලි උපයාගත් මුදලාලිලා කීපදෙනෙක්ද බැසිල් සමඟ  එකතු වී සිටී.

මේ මොහොතේ පොදු ජනපෙරමුණ ඉස්සරහ තිබෙන බරපතළම දේශපාලන ගැටලු අතර හදිසි ජනාධිපතිවරණයකට යන්න සිදු වුණොත් ඊට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියන ප්‍රශ්නය පවා මතු වී තිබෙනවා. කිනම් රාජපක්ෂ ජනාධිපති තරඟයට ඉදිරිපත් වුණත් පරදින එක වළක්වන්නට බැහැ. ඒ නිසා ඉදිරි අවුරුදු කීපය කල් මරා මේ පවතින දේශපාලන තත්වය වෙනස් කරමින් ජනතාවට මේ සිදුවීම් පිළිබඳව මතක නැති වෙන තුරු යම් පමණකට පිටුපසට වී සිටීම දේශපාලනික වශයෙන් වාසිදායක බව අද පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අදහස බවට පත් වී තිබෙන හෙයින් ඉදිරි ජනාධිපතිවරණයකදී නැවතත් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමේ සූදානම ද නිර්මාණය කිරීමේ අරමුණෙන් තමයි බැසිල් ලංකාවට හදිසියේ පැමිණෙන්නේ.

මේ සැලසුම් සඳහා අවශ්‍ය කරන දැවැන්ත මුදල් හුවමාරුව කිරීමේ අරමුණ සහ ඊට අවශ්‍ය කරන කළු සල්ලි සොයාගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය බැසිල් සතුව පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බොහෝදෙනෙකුගේ මතයයි.

එවන් විශ්වාසයක් සහ වටපිටාවක් යටතේ බැසිල්ව පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපලට රාජපක්ෂලාගේ වහලුන් ගොස් සිටීම අරුමයක් නෙවෙයි.

leave a reply