අල්ලස් ලබාගන්නා රාජ්‍ය ආයතන අතර පොලීසිය දෙකට

වැඩිපුරම අල්ලස් ගැනීම සිදුවන රාජ්‍ය ආයතන අතරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරියෙන්ම සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

දෙවැනි තැන පොලිසියටත්, තුන්වැනි තැන අධ්‍යාපන ක්ෂේත්‍රයටත් ලැබී ඇති අතර ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා නගර සභා, සුරාබදු දෙපාර්තමේන්තුව අල්ලස් ගැනීම් වැඩිම ආයතන අතර පිළිවෙළින් රැඳී සිටිනවා.

ඉතාමත් පහසුවෙන් කරගත හැකි කාර්යයක් රාජ්‍ය සේවකයන් විසින් දින ගණන් රස්තියාදු කරමින් අල්ලස් ගැනීමට පෙළඹෙන බවත් විවිධ ආකාරයේ බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අල්ලස්ගැනීම වැඩි වී ඇති බවත් ජනතාව සුලබව ගැවසෙන ස්ථානවල අල්ලස වැඩිපුර සිදුවන බවත් අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉතා අල්ප බවත් බොහෝ අවස්ථාවල දී කොමිසමට ඉදිරිපත් නොකෙරෙන බවත් එම කොමිසම ‍පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...