අල්ලස් ලබාගන්නා රාජ්‍ය ආයතන අතර පොලීසිය දෙකට

වැඩිපුරම අල්ලස් ගැනීම සිදුවන රාජ්‍ය ආයතන අතරින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරියෙන්ම සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

දෙවැනි තැන පොලිසියටත්, තුන්වැනි තැන අධ්‍යාපන ක්ෂේත්‍රයටත් ලැබී ඇති අතර ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය සභා නගර සභා, සුරාබදු දෙපාර්තමේන්තුව අල්ලස් ගැනීම් වැඩිම ආයතන අතර පිළිවෙළින් රැඳී සිටිනවා.

ඉතාමත් පහසුවෙන් කරගත හැකි කාර්යයක් රාජ්‍ය සේවකයන් විසින් දින ගණන් රස්තියාදු කරමින් අල්ලස් ගැනීමට පෙළඹෙන බවත් විවිධ ආකාරයේ බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අල්ලස්ගැනීම වැඩි වී ඇති බවත් ජනතාව සුලබව ගැවසෙන ස්ථානවල අල්ලස වැඩිපුර සිදුවන බවත් අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉතා අල්ප බවත් බොහෝ අවස්ථාවල දී කොමිසමට ඉදිරිපත් නොකෙරෙන බවත් එම කොමිසම ‍පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...