හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අද දිනයේ හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ පොලිස් අත්අඩංගුවට ගත් මධුසංක අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබුණි.

ඒ මියගිය තරුණයාගේ ඥාතීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් මෙම මරණය සම්බන්ධයෙන් එම අධිකරණය හමුවට ඉදිරිපත් කළ ඇති නඩුවට මෝසමක් ගොනුකරමින් කරනු ලැබූ ඉල්ලීමක් අනුවය.

ඉෂාර හර්ෂ කුමාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංක මත්ද්‍රව්‍ය චෝදනාවක් යටතේ හෝමාගම පොලීසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති අතර ඔහු මරණයට පත්වූ පුද්ගලයා සමඟ එකට අත්අඩංගුවට ගත් පුද්ගලයා බව පොලීසිය අධිකරණයට වාර්තා කර තිබී නැත.

මරණයට පත්වූ ඉෂාර හර්ෂ කුමාර පහරදීමක් හේතුවෙන් ඉළඇට කැඩී, බෙල්ලේ අස්ථියක් බිඳී හා මොළයට ලේ වහනය වී ඇති බැවින් ඒ සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස සිවිල් සංවිධාන සහ මියගිය තරුණයාගේ ඥාතීන් විසින් අධිකරණය ඉදිරියේ මෝසමක් ගොනුකර තිබේ. එහිදී විමර්ශන ඉක්මන් කරන ලෙස නියෝග කර ඇති මහේස්ත්‍රාත්වරයා ඉෂාර හර්ෂ කුමාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසද නියෝග කර ඇත. ඉන්පසු ඔහුගේ ප්‍රකාශය අනුව යම්කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අධිකරණය නියෝග කර තිබුණි.

රජිත ගුරුසිංහ නැමති හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට මිට පෙරද පුද්ගලයන්ට පහරදීමේ චෝදනා එල්ල වී තිබේ. නමුත් සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන බොහෝ පිරිසක් පෙන්වා දී ඇත්තේ ඔහු කිසිදු අතුරු ආන්තරාවකින් තොරව නිදහසේ සිටීමට හේතුව ඔහුගේ පියා පොලිස්පතිගේ හිතවතෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වීම නිසා බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...

හෝමාගම පොලීසිය මැරූ ඉෂාර සමඟ අත්අඩංගුවට ගත් මධුසංකගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී පහරදීමෙන් මියගිය ඉෂාර හර්ෂ කුමාර සමඟ...

2025 විශිෂ්ටතම නවකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන යෙන් පිදුම් ලත් එරික් ඉලයප්ආරාරච්චිගේ සුනඛ ආර්යා – අගැයීමක්

එරික් ඉලයප්ආරාරච්චි 2025ලියූ නවකථාච සුනඛ ආර්යා ගොඩනැංවීමේදී, ලාංකීය සාහිත්‍යය...