ආර්ථික අර්බුදයේ වන්දිය ගෙවන පාසල් දරුවන් ගැන හෙළිදරව්වක්

පාසල් දැරියන් සනීපාරක්ෂක ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඔසප් සමයේදී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

විශ්ව විද්‍යාල සිසුවියන්, ගුරුවරියන්, මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවිකාවන් අතරද මෙම තත්ත්වය දක්නට ලැබෙන බව එම සන්ධානය පවසයි.

වැඩිවිය පැමිණි දැරියන් ඔසප් කාලසීමාවේ දී පාසලට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ගුරු වෘත්තිය සමිති සමඟ ඒකාබද්ධව කොළඹ පසුගියදා (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පවසා සිටියේ.

විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල දැරියන් මෙලෙස පාසල් නොපැමිණීමට පෙළඹී ඇති බවත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරියක් සිටින රටක මෙය කණගාටුදායක තත්වයක් බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

මේ අතර, එම මාධ්‍ය හමුවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ පවතින ආර්ථික තත්වය මත පාසල්වල උදෑසන රැස්වීමේ දී ක්ලාන්ත වී ඇද වැටෙන සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.

පාලකයන් විසින් ඇතිකරන ලද ආර්ථික අර්බුදයට ප්‍රධාන වශයෙන් වන්දි ගෙවමින් සිටින්නේ ප්‍රධාන වශයෙන් දරුවන් බව පෙනේ. ආහාර අර්බුදය, භාණ්ඩවල මිල ඉහළ යාම තව තවත් වැඩිවීම හරහා මෙම තත්ත්වය දෙගුණ තෙගුණ වනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...