ත්‍රස්ත පනත යටතේ සිරගත කළ ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරනු – භික්ෂු බල මණ්ඩලය විරෝධතාවයක

2019 හා 2020 අතරතුර කාලයේ උතුරු සහ නැගෙනහිර පළාත්වලදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 12 දෙනකු තමන් නිදහස් කරන ලෙස ඉල්ලා අඟහරුවාදා (6) සිට උපවාසයක් ආරම්භ කොට ඇතැයි JDS ලංකා වාර්තා කර තිබේ.

එම මාධ්‍ය ආයතනය පවසන ආකාරයට මාධ්‍ය අයිතිවාසිකම් පිළිබඳ ප්‍රමුඛ ක්‍රියාධරයෙක් සහ මඩකලපු දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති බාලසිංහම් ක්‍රිෂ්ණකුමාර්ව සැප්තැම්බර් 14 දින කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශ මූලස්ථානය වෙත කැඳවනු ලැබ තිබේ.

එසේම දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් ප්‍රමුඛ කාන්තා ක්‍රියාකාරිනියක් වන කන්දයියා කලෛවානි, තුන්වැනි වරටත් කොළඹ පිහිටි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට සැප්තැම්බර් 12 වැනිදා කැඳවනු ලැබ ඇති අතර අදාළ විමර්ශනය කුමක්දැයි යන්න ඇයට අනාවරණය කර නොමැත.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...