නිරූපන කලාව නොදන්නා ලංකා පොලීසිය

ශාලික රුක්ෂාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අරගලයේදී මේ නිරූපණය කළ නිසා. පොලීසිය කියන්නේ පොලිස් නිල ඇඳුමක් ඇඳ සිටීම ගැන පරීක්ෂණ පවත්වන බව.

මේ මොන තරම් විගඩමක්ද? ශාලික රුක්ෂාන් රංගන ශිල්පියෙක්. ඔහුට මෙවැනි නිරූපණයක් කරන්න ඇති නීතිමය බාධාව මොකක්ද? අනෙක් එක මේ පොලිස් නිල ඇඳුමද? පොලිස් නිල ඇඳුමේ සාටකයකින් තැනූ තොණ්ඩුවකුත් තිබෙන බව පොලීසිය පිලි ගන්නවාද? කොස්තාපල් පුඤ්ඤසෝම ඇතුළු චිත්‍රපට ගණනාවක පොලිස් නිල ඇඳුම් ඇඳ සිටි නළු නිලියනුත් මේ ආකාරයට අත්අඩංගුවට ගන්නවාද? පෙර පාසල් වල හා පාසල් වල ප්‍රාථමික පන්ති වල විකට ඇඳුම් තරඟ වලට සහභාගී වන දරුවනුත් අත්අඩංගුවට ගන්නවාද? සම්ප්‍රදායික කලා ප්‍රසංග වල පොලිස් කෝලම රඟ දක්වන කලාකරුවනුත් ප්‍රවේසම් වෙන්න වෙයි වගේ…

මර්දනය, මර්දනය කිය කිය රනිල් රාජපක්ෂ සහ ඔහුගේ පොලීසිය මොන නාඩගමක්ද මේ නටන්නේ?

පුබුදු ජයගොඩ

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...