නිරූපන කලාව නොදන්නා ලංකා පොලීසිය

ශාලික රුක්ෂාන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අරගලයේදී මේ නිරූපණය කළ නිසා. පොලීසිය කියන්නේ පොලිස් නිල ඇඳුමක් ඇඳ සිටීම ගැන පරීක්ෂණ පවත්වන බව.

මේ මොන තරම් විගඩමක්ද? ශාලික රුක්ෂාන් රංගන ශිල්පියෙක්. ඔහුට මෙවැනි නිරූපණයක් කරන්න ඇති නීතිමය බාධාව මොකක්ද? අනෙක් එක මේ පොලිස් නිල ඇඳුමද? පොලිස් නිල ඇඳුමේ සාටකයකින් තැනූ තොණ්ඩුවකුත් තිබෙන බව පොලීසිය පිලි ගන්නවාද? කොස්තාපල් පුඤ්ඤසෝම ඇතුළු චිත්‍රපට ගණනාවක පොලිස් නිල ඇඳුම් ඇඳ සිටි නළු නිලියනුත් මේ ආකාරයට අත්අඩංගුවට ගන්නවාද? පෙර පාසල් වල හා පාසල් වල ප්‍රාථමික පන්ති වල විකට ඇඳුම් තරඟ වලට සහභාගී වන දරුවනුත් අත්අඩංගුවට ගන්නවාද? සම්ප්‍රදායික කලා ප්‍රසංග වල පොලිස් කෝලම රඟ දක්වන කලාකරුවනුත් ප්‍රවේසම් වෙන්න වෙයි වගේ…

මර්දනය, මර්දනය කිය කිය රනිල් රාජපක්ෂ සහ ඔහුගේ පොලීසිය මොන නාඩගමක්ද මේ නටන්නේ?

පුබුදු ජයගොඩ

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...