පොලිස් නිලධාරීන් 4ක් මාල හොරකමක – ආර්ථික බර පොලීසියටත් දැනිලද?

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ බර පොලිස් නිලධාරීන්ටද එක හා සමානව දැනී ඇතැයි යන සැකය මතුවේ. ඒ අද දින වාර්තා වූ පුවතක් හේතුවෙනුයි.

කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයෙකුගේ රන් මාලයක් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියට අදාලව මාලබේ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවටගෙන ගත්බව කොට්ටාව පොලීසිය පවසයි.

සැකකාර පොලිස් නිලධාරීන් අතර සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු සිටින බව පැවසේ.

කොල්ලකෑමට ඔවුන් යොදාගත් ත්‍රීරෝද රථය, කොල්ලකන ලද රන් මාලය සහ ජංගම දුරකථනය තමන් සොයිගත් බව කොට්ටාව පොලීසිය පවසනවා.
වලස්මුල්ල, වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඉකුත් 20 වනදා කොට්ටාව විද්‍යාල හංදියේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණ, එම නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම සැකකරුවන් සිව්දෙනා මාර්ගයක් ගැන විමසන මුවාවෙන් තරුණයා අසලට පැමිණ ඔහුගේ රත්‍රං මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පළාගොස් තිබේ.

එම තරුණයා සිදුකළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකිරීමේදී හොරකම සඳහා යොදාගත් ත්‍රීරෝද රථය මාලබේ පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරියෙකුට අයත් ත්‍රීරෝද රථයක් බව හෙළිව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...