පොලිස් නිලධාරීන් 4ක් මාල හොරකමක – ආර්ථික බර පොලීසියටත් දැනිලද?

රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ බර පොලිස් නිලධාරීන්ටද එක හා සමානව දැනී ඇතැයි යන සැකය මතුවේ. ඒ අද දින වාර්තා වූ පුවතක් හේතුවෙනුයි.

කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයෙකුගේ රන් මාලයක් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියට අදාලව මාලබේ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවටගෙන ගත්බව කොට්ටාව පොලීසිය පවසයි.

සැකකාර පොලිස් නිලධාරීන් අතර සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු සිටින බව පැවසේ.

කොල්ලකෑමට ඔවුන් යොදාගත් ත්‍රීරෝද රථය, කොල්ලකන ලද රන් මාලය සහ ජංගම දුරකථනය තමන් සොයිගත් බව කොට්ටාව පොලීසිය පවසනවා.
වලස්මුල්ල, වීරකැටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඉකුත් 20 වනදා කොට්ටාව විද්‍යාල හංදියේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණ, එම නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම සැකකරුවන් සිව්දෙනා මාර්ගයක් ගැන විමසන මුවාවෙන් තරුණයා අසලට පැමිණ ඔහුගේ රත්‍රං මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පළාගොස් තිබේ.

එම තරුණයා සිදුකළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකිරීමේදී හොරකම සඳහා යොදාගත් ත්‍රීරෝද රථය මාලබේ පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරියෙකුට අයත් ත්‍රීරෝද රථයක් බව හෙළිව තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...