පොලීසිය මාධ්‍ය හමුවලටත් කඩා වදියි

අද මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවූ මාධ්‍ය හමුව පොලීසිය විසින් වටලා තිබේ. වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත ශිෂ්‍ය නායකයන් තිදෙනා තත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කර රඳවා තැබීමට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මහජන සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන්ගේ ඒකාබද්ධ විරෝධය සනිටුහන් කිරීමට එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

පොලීසිය බලහත්කාරයෙන් එම ස්ථානයට කඩා වැදුනේ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව කියමිනි. නමුත් පොලිස් නිලධාරීන් සතුව අත්අඩංගුවට ගැනීමට අදාල කිසිදු වලංගු ලියැවිල්ලක් තිබී නැත. මාධ්‍ය හමුවට පැමිණි නියෝජිතයන්ගේ බලවත් විරෝධය හමුවේ පොලීසියට පසු බසින්නට සිදුවී තිබේ.

මේ ආකාරයට මාධ්‍ය හමු වලට කඩා වදිමින් නාඩගම් නටන්නේ සමාජය තුළ භීතියක් සහ ත්‍රස්තයක් ඇති කිරීමට බව නිසැකය. ඒ අනුව බලන විට ත්‍රස්තවාදීන් වන්නේ රනිල් රාජපක්ෂ හා ඔහු පිටුපස සැඟවී ඔහුව නටවන රාජපක්ෂවාදී කල්ලියයි. සිය ජීවිතය වෙනුවෙන්, සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් වදින ජනතාව නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...