පොලීසිය මාධ්‍ය හමුවලටත් කඩා වදියි

අද මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවූ මාධ්‍ය හමුව පොලීසිය විසින් වටලා තිබේ. වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත ශිෂ්‍ය නායකයන් තිදෙනා තත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කර රඳවා තැබීමට එරෙහිව දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, මහජන සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන්ගේ ඒකාබද්ධ විරෝධය සනිටුහන් කිරීමට එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

පොලීසිය බලහත්කාරයෙන් එම ස්ථානයට කඩා වැදුනේ සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකර අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව කියමිනි. නමුත් පොලිස් නිලධාරීන් සතුව අත්අඩංගුවට ගැනීමට අදාල කිසිදු වලංගු ලියැවිල්ලක් තිබී නැත. මාධ්‍ය හමුවට පැමිණි නියෝජිතයන්ගේ බලවත් විරෝධය හමුවේ පොලීසියට පසු බසින්නට සිදුවී තිබේ.

මේ ආකාරයට මාධ්‍ය හමු වලට කඩා වදිමින් නාඩගම් නටන්නේ සමාජය තුළ භීතියක් සහ ත්‍රස්තයක් ඇති කිරීමට බව නිසැකය. ඒ අනුව බලන විට ත්‍රස්තවාදීන් වන්නේ රනිල් රාජපක්ෂ හා ඔහු පිටුපස සැඟවී ඔහුව නටවන රාජපක්ෂවාදී කල්ලියයි. සිය ජීවිතය වෙනුවෙන්, සාධාරණ අයිතීන් වෙනුවෙන් සටන් වදින ජනතාව නොවේ.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...