ඔබ වෙනුවෙන් අරගල කල ඔවුන් වෙනුවෙන් පෙරට එන්න!

අද ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු දිනයකි. රනිල් වික්‍රමසිංහ විසින් වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හෂාන් ජීවන්ත යන අය ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇත.

අප රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයේ අඳුරු දිනයන් රැසක් පසුකර පැමිණ තිබේ. විශේෂයෙන් නිදහසින් පසු පසුගිය වසර 74 ක පාලන කාලය තුළ පාලකයන් විසින් ප්‍රජාතන්ත්‍රය නාමයෙන් අප මත පටවන ලද බලහත්කාරය අපි නිහඬව අත්විඳ ඇත. එහෙත් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට නැගී ආ ජන රැල්ල පැවසුවේ එය තවදුරටත් ඉවසා සිටීමට තමන් සූදානම් නොමැති බවයි. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් ජනතාව ලෙස නැගී සිටීමට සූදානම් බවයි. එම අරගලයේ පෙරමුණ ගෙන සිටි ශිෂ්‍ය ක්‍රියාකාරීන් අද සිරගතව සිටියි. ඔවුන්ට එරෙහිව ලංකාවේ පවතින මර්දන පනත් යොදාගනිමින් තිබේ.

ශිෂ්‍ය නායකයින්ට ත්‍රස්තවාදී ලේබලය ඇලවීමට අමතරව ඔවුන් වෙත සාධාරණ ප්‍රවේශයක් ලබා ගැනිම ඇහිරීම සදහා තංගල්ල වැනි කොළඹින් බැහැර ස්ථානයක් ඔවුන් රැදවීමට තීරණය කර ඇත. පැය 24 කට අධික කාලයක් ඔවුන් පිලිබඳව කිසිදු තොරතුරක් ලබා නොදීමටද ත්‍රස්ත විමර්ශන ඒකකය වග බලා ගන්නා ලදි.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය අරගලය තුළ සටන් වැදුනේ සමස්ත රටේ ජනතාව වෙනුවෙන්ම වූ ජීවත්විය හැකි යහපත් රටක් නිර්මාණය කරගැනීම වෙනුවෙනුයි. දැන් රටේ ජනතාව ලෙස යහපත් රටක් නිර්මාණය කරගැනීමට පෙරට පැමිනියා මෙන්ම සහෝදර දෑත්වල විලංගු ගලවා දැමීම වෙන්වෙන් පෙලගහිය යුතුව ඇත. නැවත ඇරඹෙන අරගලයේ පළමු පියවර වන්නේ එයයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...