පාසල් දරුවන් අපයෝජනය කළ ගාල්ලේ කපුවාට ජනතා විරෝධය

උණවටුන-මැටරඹ කීර්ති කුමාර බටගොඩ නමැති මිත්‍යාවෙන් ජනතාව ගසාකෑ කපුවා විසින් සිදුකරන ලද ළමා අපයෝජනවලට විරෝදය පලකරමින් අද දින ගාල්ල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක් පවත්වා තිබේ.

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින මෙම කපුවා අද යළිත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා මෙම කපුවා අත්අඩංගුවට ගනු ලැබිය.

සැකකරු ගාල්ල සහ කොළඹ යන ප්‍රදේශවල වයස අවුරුදු 09ත් 15ත් අතර දරුවන් 09 දෙනෙකු අපයෝජනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
උණවටුන, මැටරඹ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන මෙම සැකකාර කපුවා කුඩා ළමයින් රැසක් අපයෝජනය කර ඇති බව විමර්ශනලවලදී අනාවරණය වී තිබේ.

මෙම අපයෝජනයන්වලදී වරකට එක් දරුවෙකුට රුපියල් 25000 සිට 50000 දහස දක්වා මුදල්, ඇපල් වර්ගයේ ජන්ගම දුරකථන සහ ටැබ් ලබාදී ඇති බව මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.

මෙම පුද්ගලයා මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවල ජ්‍යෝතිෂ වැඩසටහන් සඳහාද සහභාගිවෙන පුද්ගලයෙකි.

මොහු කොළඹට පැමිණෙන අවස්ථාවලදී නාරාහේන්පිට සහ අතුරුගිරිය වැනි ස්ථානවල ඔහුට අයිතිව පවතින නිවෙස්වලදී ළමුන් අපයෝජනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම අපයෝජනයට ලක්වූ දරුවන් අතර මෙම කපුවගෙන් විවිධ ශාන්තිකර්ම සිදුකර ගැනීමට පැමිණි පුද්ගලයන්ගේ දරුවන්ද සිටින බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු දකුණු පළාතේ උසස්ම පොලිස් නිලධාරීන් රැසක් සැකකරු නිදහස් කරන්නැයි බලපෑම් කර ඇති බව පැවසේ.

 

 

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...