පාසල් දරුවන් අපයෝජනය කළ ගාල්ලේ කපුවාට ජනතා විරෝධය

උණවටුන-මැටරඹ කීර්ති කුමාර බටගොඩ නමැති මිත්‍යාවෙන් ජනතාව ගසාකෑ කපුවා විසින් සිදුකරන ලද ළමා අපයෝජනවලට විරෝදය පලකරමින් අද දින ගාල්ල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක් පවත්වා තිබේ.

පාසල් සිසුන් අපයෝජනය කිරීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින මෙම කපුවා අද යළිත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා මෙම කපුවා අත්අඩංගුවට ගනු ලැබිය.

සැකකරු ගාල්ල සහ කොළඹ යන ප්‍රදේශවල වයස අවුරුදු 09ත් 15ත් අතර දරුවන් 09 දෙනෙකු අපයෝජනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
උණවටුන, මැටරඹ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යන මෙම සැකකාර කපුවා කුඩා ළමයින් රැසක් අපයෝජනය කර ඇති බව විමර්ශනලවලදී අනාවරණය වී තිබේ.

මෙම අපයෝජනයන්වලදී වරකට එක් දරුවෙකුට රුපියල් 25000 සිට 50000 දහස දක්වා මුදල්, ඇපල් වර්ගයේ ජන්ගම දුරකථන සහ ටැබ් ලබාදී ඇති බව මූලික විමර්ශනවලදී හෙළිව තිබේ.

මෙම පුද්ගලයා මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී නාලිකාවල ජ්‍යෝතිෂ වැඩසටහන් සඳහාද සහභාගිවෙන පුද්ගලයෙකි.

මොහු කොළඹට පැමිණෙන අවස්ථාවලදී නාරාහේන්පිට සහ අතුරුගිරිය වැනි ස්ථානවල ඔහුට අයිතිව පවතින නිවෙස්වලදී ළමුන් අපයෝජනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම අපයෝජනයට ලක්වූ දරුවන් අතර මෙම කපුවගෙන් විවිධ ශාන්තිකර්ම සිදුකර ගැනීමට පැමිණි පුද්ගලයන්ගේ දරුවන්ද සිටින බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට පත්වීමෙන් පසු දකුණු පළාතේ උසස්ම පොලිස් නිලධාරීන් රැසක් සැකකරු නිදහස් කරන්නැයි බලපෑම් කර ඇති බව පැවසේ.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...