ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අවහිර කළ ආකාරය ගැන කමල් ගුණරත්න කියයි

ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන් ජනමාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කළ යුතු බවත්, ඒ තුළින් රට අපකීර්තියට පත්වන පුවත් ජාත්‍යන්තරයට යෑම වළක්වාගත හැකි බවත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න පවසයි.

මාධ්‍යවේදීන් සමඟ සමීපව ක්‍රියා කිරීමෙන් රටේ කීර්තිනාමයට හානිකර ඇතැම් පුවත් පළ වීම වළක්වාගත හැකි බවත්, එවැනි දේ තමන් කර ඇති බවත් ඔහු පවසා තිබේ.

විශේෂයෙන් හමුදාව සහ පොලීසිය මාධ්‍යවේදීන්ගේ විශ්වාසය දිනාගත් යුතු බවත් ඔහු පවසයි.

ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (අගෝස්තු 19) පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ අදහස් පළ කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා කිසිදු ලැජ්ජාවකින් තොරව මේ පුරාජේරු දොඩවන්නේ ජනතාවගේ ප්‍රජාත්නත්‍රවාදී අයිතියක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය අවහිර කිරීම ගැනයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...