ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අවහිර කළ ආකාරය ගැන කමල් ගුණරත්න කියයි

ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන් ජනමාධ්‍යවේදීන් සමඟ සමීපව කටයුතු කළ යුතු බවත්, ඒ තුළින් රට අපකීර්තියට පත්වන පුවත් ජාත්‍යන්තරයට යෑම වළක්වාගත හැකි බවත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න පවසයි.

මාධ්‍යවේදීන් සමඟ සමීපව ක්‍රියා කිරීමෙන් රටේ කීර්තිනාමයට හානිකර ඇතැම් පුවත් පළ වීම වළක්වාගත හැකි බවත්, එවැනි දේ තමන් කර ඇති බවත් ඔහු පවසා තිබේ.

විශේෂයෙන් හමුදාව සහ පොලීසිය මාධ්‍යවේදීන්ගේ විශ්වාසය දිනාගත් යුතු බවත් ඔහු පවසයි.

ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (අගෝස්තු 19) පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ අදහස් පළ කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා කිසිදු ලැජ්ජාවකින් තොරව මේ පුරාජේරු දොඩවන්නේ ජනතාවගේ ප්‍රජාත්නත්‍රවාදී අයිතියක් වන තොරතුරු දැනගැනීමේ අයිතිය අවහිර කිරීම ගැනයි.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...