රජයේ ගොඩනැගිලි ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හදිසි කැක්කුමක් ඇතිවෙලා

කොළඹ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය පුරාවිද්‍යා ස්මාරක ලෙස ගැසට් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම ගොඩනැගිලි පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්මාරක ලෙස මෙතෙක් නම් කෙරී නොතිබුණි. මෙම නම් කිරීම පිටුපස පවතින සැබෑ හේතුව මෙම ගොඩනැගිලිවලට ඇතුළුවූ අරගලකරුවන්ට පුරාවිද්‍යා පනත යටතේ දඬුවම් ලබාදීම සඳහා යන සැකය මතුවී තිබේ.

මන්ද පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පැවසුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ජනාධිපති මන්දිරයට පැමිණ එහි තිබෙන පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු දේවල් සංරක්ෂණය කරන ලෙස ඉල්ලා සිටියේ අරගලකරුවන් එම ස්ථානය අත්පත් කරගැනීමෙන් පසුව බවයි. ඒ අවස්ථාවේ පසුගිය කාලය පුරාම මෙම ගොඩනැගිලි පරික්ෂා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබුනද තම දෙපාර්තමේන්තුවට එම අවස්ථා ලබානොදුන් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසූ බව වසන්ත මුදලිගේ පවසා තිබුණි.

එනම් දැන් මේ විශාල තදියමකින් මෙම ගොඩනැගිලි සුරැකීමට මතක් වී තිබෙන්නේ අරගලකරුවන් ඒවා අත්පත් කරගැනීමෙන් පසුවයි. ඊට පෙර මෙම ගොඩනැගිලි සුරක්ෂිත කිරීමට තබා ඒවාට ඇතුළුවීමට පවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවසර තිබී නැත. මෙම ගොඩනැගිලිවල ඇති පුරාවිද්‍යා වටිනාකම පෙන්වා දුන් අරගලකරුවන් දඩයම් කිරීමට එම පුරාවිද්‍යා පනතම යොදාගැනීමට උත්සාහ කිරීම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලැජ්ජා විය යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...