පොලීසිය උපදෙස් දෙන්න සමන් රත්නප්‍රියට ඇති බලය මොකක්ද?

අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි. ඔහු සඳහන් කර ඇත්තේ තමන් මැදිහත් වී එම පියවර ගෙන ඇති බව ත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කර ඇති බවත්ය.

ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂයට පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය ලැබෙන්නේ කෙසේද යන්න මෙහිදී බොහෝදෙනෙක් නගන ප්‍රෂණයකි.

ජෝශප් ස්ටාලින්ට නගා ඇති චෝදනාව වන්නේ ඔහු මැයි 28වනදා පැවති නීතිවිරෝධී උද්ඝෝෂණයක සාමාජිකයෙක් වූ බවයි. එම උද්ඝෝෂණය සඳහා සමන් රත්නප්‍රිය ද සහභාගී වී සිටි බවට ඡායාරුප හරහා පැහැදිලි වේ. නීතිය එක ලෙස ක්‍රියාත්මක වන්නේ නම් රනිල්ගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂකද වරදක් කර තිබේ. නමුත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන අතර ජනතාව පැත්තේ හිටගත් ජෝශප් ස්ටාලින්ට දඬුවම් විඳීමට සිදුවේ. එපමණක් නොව තමන්ට අවශ්‍ය නම් පොලිස් ඇප ලබාදිය හැකිව තිබූ බව හිරිකිතයක් නොමැතිව රනිල්ගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂක පවසමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...