CCDට ප්‍රකාශයක් ලබාදීමට ගිය ‘රැට්ටා’ අත්අඩංගුවට

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස ඔහුට දැන්වා තිබී ඇත. ඒ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම අද දිනයේ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු දෙදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශය තුළ අයුතු ජනරාශියක සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා මත කොටුව පොලිසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම් කර ඇති මොවුන් විදේශගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා තිබෙනවා.

පසුගිය ජුනි මාසයේ දී කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ද සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...