රටෙි විදුලි කප්පාදුවට එරෙහිවු ලිිබියානු විරෝධතාකරුවෝ එරට පාර්ලිමෙින්තුවට ගිනි තබති !

රටෙි අසීමාන්තික ලෙස කපා හරින විදුලිය
දිනපතා ඉහළයන අතවශ්‍ය ආහාරවල මිල
රටේි පවතින දේශපාලන අස්ථාවරභාවය නිසා

විරෝධතාකරුවන් ලිබියාවේ ටොබ්රුක් හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එය ගිනි තබා ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී එය ගිනි තැබූ විරෝධතාකරුවන් හෙළා දැක තිබේ. විදුලි කප්පාදුව පුලුල්ව පැතිරීම මුලිකවම විරෝධතාකරුවන්ගේ කෝපයට හේතු වී ඇත.

ප්‍රදේශීය රූපවාහිනී නාලිකා වාර්තා කළේ සිකුරාදා විරෝධතාකරුවන් ටොබ්‍රුක් හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී විනාශකාරී ක්‍රියා සිදු කළ බවයි. ගොඩනැගිල්ලේ පිටතින් කළු දුමාරයේ තීරු ද පින්තූරවල දැක්වේ. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන ආරක්ෂක හමුදා එම ස්ථානයෙන් ඉවත් වූ බව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ලිබියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක ස්ටෙෆනි විලියම්ස්, රජයේ ගොඩනැගිල්ලට කඩා වැදීම “සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි” ලෙස හැඳින්වූ අතර “සාමකාමීව විරෝධතා දැක්වීමට ජනතාවගේ අයිතියට ගරු කළ යුතු අතර ආරක්ෂා කළ යුතු” බව අවධාරනය කළාය. ඇය සෑම පැත්තකින්ම “සංයමය” ඉල්ලා සිටියාය.

ලිබියාවේ යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී ජෝස් සබාඩෙල් සෙනසුරාදා පැවසුවේ “විරෝධතා සාමකාමීව සිදු කළ යුතු අතර ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩත්වයකින් වැළකී සිටිය යුතු” බවත්, “බිඳෙනසුලු තත්ත්වය අනුව විශේෂ සංයමයක් අවශ්‍ය බවත්ය ‘‘

ඒ අතර ට්‍රිපොලි හි ප්‍රාණ පරිත්‍යාගික චතුරශ්‍රයේ, වසර ගණනාවක් තිස්සේ පාලක ප්‍රභූවට එරෙහිව අගනුවර පැවති විශාලතම විරෝධතාවන්හි දී, සන්නද්ධ කන්ඩායම් සහ දේශපාලනඥයන් විවේචනය කරමින් වහා මැතිවරනයක් සහ විදුලිය ඉල්ලා සටන් පාඨ කියමින් දහස් ගනනක් ජනයා රැස්ව සිටියහ.
ලිබියාවේ ජාතික එකමුතුවේ රජයේ ප්‍රධානී අබ්දුල් හමීඩ් ඩ්බෙයිබා කියා සිටියේ තමන් විරෝධතාකරුවන්ට සහාය දක්වන බවයි. රජය ඇතුළු සියලුම ආයතනවලින් ඉවත් වන ලෙස ඉල්ලා සිටි ඔහු එය කළ හැක්කේ “මැතිවරණයෙන්” පමණක් බව ද පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...