කන්දකාඩු රැඳවියාගේ මරණයට සාමාජිකයන් 04ක් රිමාන්ඩ්

පොළොන්නරුව, වැලිකන්ද, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් 4 දෙනෙකු ඊයේ (ජුලි 3) පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු ලබන ජුලි 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කොට තිබේ.

ගුවන් හමුදා සැරයන්වරු දෙදෙනෙකු, යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු හා යුද හමුදා සැරයන්වරයෙකු රක්ෂිත බන්ධනාර ගත කළ එම පිරිසට අයත්වේ.

මෙම නිලධාරීන් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහාය උපදේශකවරුන් ලෙස කටයුතු කර තිබේ.

සැකකරුවන්ගෙන් ලද ප්‍රකාශ මත අදාළ රැඳවියාට පහරදීම සඳහා යොදා ගත් බව කියන ඝණකම් විදුලි වයරයක්, හා උණ පතුරු 2 ක් සොයා ගෙන ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.

මියගිය රැඳවියාගේ සිරුර ඔහුගේ බාල සහොදරයා සහ යහළුවන් විසින් හඳුනාගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ලබන 05 වැනිදා සිදු කිරීමට නියමිතය.

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියෙකු සැක කටයුතු ලෙස මියයෑමේ සිද්ධියෙන් පසු පසුගිය ජුනි 29 වැනිදා එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

පොලිසිය පැවසුවේ එම රැඳවියාගේ මරණයෙන් පසු, පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියන් 679 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් හා භාරවීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

කඳවුරේ රඳවා සිටි රැඳවියන්ගෙන් 272 දෙනෙකු මේ වනවිට කඳවුර භාරයේ සිටින අතර තවත් රැඳවියන් 44 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...