අනික් අරගලකරුවොත් නිදහස් කරන තුරු සටන නවත්තන්නේ නැහැ – ළහිරු වීරසේකර

අසාධාරණ ලෙස සිරගත කර සිටින අනෙක් අරගලකරුවනුත් නිදහස් කරගන්නා තෙක් අරගලය ඉදිරියට රැගෙන යන බව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ළහිරු වීරසේකර පවසයි. ඔහු මේ අදහස් පලකරේ අද දින අධිකරණය විසින් ඇප මත නිදහස් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අදහස් දක්වමින් ළහිරු වීරසේකර පැවසුවේ ගෝල්ෆේස් අරගල භුමියේ ක්‍රියාකාරීව සිටි අමල් සාලින්දව පොලීසිය විසින් පැහැරගෙන ඔහුට විරුද්ධව නඩු කිහිපයක් පවරා ඔහුව බන්ධනාගාර ගතකර තබන කාලසීමාව වැඩි කරමින් සිටින බවයි.එසේම අමල් සාලින්ද ඇතුළුව රටපුරා බන්ධනාගාරවල අසාධාරණ ලෙස සිරගත් කළවුන් බොහොමයක් සිටින බවද ලහිරු පවසයි. එසේම තෙල් අර්බුදය වැනි විවිධ හේතු පවසමින් ඔවුන්ට ඇප ලබා නොදීමට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග මෙන්ම ඔවුන් නිදහස් කරන තුරු අඛණ්ඩව අරගලය ඉදිරියට රැගෙන යන බව ද ළහිරු වීරසේකර පවසා තිබේ.

අද දිනයේදී සිරගතකර සිටි ළහිරු වීරසේකර, රතිඳු සහ රත්කරව්වේ ජිනරතන හිමි යන අය ඇප මත නිදහස් කරන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...