Breaking News

ඩොලර් අර්බුදයේ  මූලය තියෙන්නෙ රනිල්ගේ රෙද්ද අස්සේ

වර්තමාන අර්බුදයේ  රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාන්විතය පිළිබඳව පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැහැදිලි කිරීමක් සිද්ධ කළා. උද්ගතව ඇති ඩොලර් හිඟයට පාර කපන රනිල්ගේ සැලැස්ම නිර්මාණය වෙන්නෙ කොතනින්ද? ඒ සඳහා රනිල්ගේ දායකත්ව ක්‍රියාවලිය  සිදුවන්නේ කෙසේද යන්න කියන එක පිළිබඳව එහිදී හෙළිදරව් කෙරුවා.  රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ දූෂිත පාලන යාන්ත්‍රණය ආරක්ෂා කරන එවගේම විදෙස් රටවල් වලට ලංකාවේ සියල්ල පවරා දෙන්න සැලසුම් නිර්මාණය කරන විදෙස් බලවත් රාජ්‍යවල  රූකඩයක්.

1953 අංක 24 දරන විනිමය පාලන පනත  රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩු සමයේ දී අහෝසි කරනු ලබනවා. මේ පනත මගින් කරනු ලැබූවේ අපනයන ආදායම් ලංකාව තුලට ගෙන ඒම. 1953 සිට මෙම නීතිය හරහා අපනයන ආදායම් රට තුළට ගෙන  ඒමට ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට සිද්ධ වෙනවා. නමුත් මේ නීතිය 2017 රනිල් වික්‍රමසිංහ තමන්ගේ පාලන සමය තුළ අහෝසි කරනවා . 1953  විනිමය පාලන පනත අහෝසි කිරීම හරහා තමයි අද උද්ගත වී තිබෙන අර්බුද නිර්මාණය වෙන්නේ.  රනිල් වික්‍රමසිංහ අද කරන්නේ අර්බුදයට විසදුම් හොයන එක නෙමෙයි තමන් විසින් නිර්මාණය කරපු අර්බුදය කළමනාකරණය කරමින්  මේ මොහොතේ රාජපක්ෂලාගේ, ඔහුගේ දේශපාලන ජීවිතය ආරක්ෂා කරන්න උපාය යෙදීම පමණයි.

ගෝඨාභය, මහින්ද ජනතාව ගැන  හිතනවා නම්   2017  රනිල් වික්‍රමසිංහ වෙනස් කළ පනත නැවත 53 විනිමය පාලන පනත වර්තමානයට ගැලපෙන ආකාරයට නිර්මාණය කරලා මේ  අර්බුද ඇතිවීම වළක්වන්න තිබුණා. නමුත්  ගෝඨාභය මහින්ද කියන්නෙත් රනිල් වික්‍රමසිංහගේ යාළුවන්ගේ ගජ මිතුරන් නිසා ඔවුන්ට මාහජන මුදල් වංචා කිරීමට අවශ්‍ය කරන රනිල්ට කරන්න බැරුව ගිය  යටිතල පහසුකම් නිර්මාණය කරලා දෙනවා.

ඔබ මඳක් කල්පනා කරලා බලන්න මේ අර්බුදයේ කේන්ද්‍රය බවට අද පත්වෙලා තිබෙන්නේ ඩොලර්. නමුත් ඔබ දන්නවද ගෙවීගිය මාස පහ තුළ වාර්තාගත ආදායමක් අපි ලබල තියෙනවා කියලා. 2022 ජනවාරි සිට මැයි දක්වා මාස පහ තුළ  ඩොලර් බිලියන පන්දහක් ඉක්මවා යන අපනයන ආදායමක් ලබාගෙන  තියෙනවා. දළ වශයෙන් මාසකට ඩොලර් බිලියනයක අගයකට අපනයන ආදායමක් ලබනවා. බොහෝ විට මේ වසර තුල වාර්තාගත අපනයන ආදායමක් ලබන්න නියමිතයි.එසේනම්  කොහොමද අපිට අත්‍යවශ්‍ය ආහාර ටික, බෙහෙත් ටික, ඉන්ධන ටික, ගෙන්න ගන්න ඩොලර් නැතිවුනේ.

සාමාන්‍යයෙන් අපේ රටේ මාසෙකට ඉන්ධන සහ ගෑස් සඳහා අවශ්‍ය වන මුදල ඩොලර් මිලියන 400  ආසන්න වෙනවා. ගෙවී ගිය මාස පහ තුළ අපනයන ආදායම සමග සසදා බලන කළ  මේ මුදල වෙන් කර ගැනීම අසීරු නැහැ. නමුත් අපි ඩොලර් හිගයක ඉන්නවා. එහෙම නම් මොකක්ද මේ අර්බුදයේ හේතුව.

දැන්  අපිට පැහැදිලි වෙන්න ඕනේ රනිල් වික්‍රමසිංහ 2017 කළ විනිමය පාලන පනත සංශෝධනය හරහා අනිවාර්යෙන්ම රට තුලට ඇතුල් වීමට නියමිතව තිබුණු අපනයන ආදායම් කපාහැරීම සහ වංචා කිරීමට නීති සංශෝධනය කිරීම හරහා මේ අර්බුද නිර්මාණය වෙලා තියෙනවා කියන එක.

අද රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න එක රැයකින්  එක මොහොතින් නිර්මාණය වූවා  නෙමෙයි. 74 වසරක පාලන සමය තුළ මොවුන් එකිනෙකා මාරුවෙන් මාරුවට අන්‍යෝන්‍ය සහයෝගයෙන් නිර්මාණය කළ අර්බුද නිසා රනිල් ගෝඨා පමණක් නෙවෙයි මෛත්‍රී නාමල් ඇතුළු අනාගතයේ රටේ පාලන බලය හොබවන්නට විවිධ වෙට්ටු දමමින් වංගු ගසමින් ජනතාව හමුවට එන්න ඉන්න සියලු දෙනා පන්නා දමන්න ඕන. කළු ඇඳගෙන ආවත් කහ ඇඳගෙන ආවත්කපුටා කපුටා මයි .

leave a reply