මහ කන්නයේ සිදුවූ වගා හානියට තවමත් වන්දි නැහැ

ගිය මහකන්නයේ වී වගාවට රසායනික පොහොර ලබා නොදීම නිසා වූ වගා හානියට වන්දි ගෙවන බව ප්‍රකාශ කළත් ඒ සඳහා එක සතයක්වත් වෙන් කර නැතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සකච්ඡාවකදී අනාවරණය වී ඇත.

ගොවි සංවිධානයේ නියෝජිතයන් කාෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සමඟ පැවැති සාකච්ඡාවදී ගොවීන් කළ ඉල්ලීමක් පිළිබඳව අමාත්‍යවරයා සොයා බැලීමේ දී මෙම තත්ත්වය අනාවරණය වී තිබේ.

පසුගියදා විවර මාධ්‍ය ජාලය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දැක්වූ ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා ද පැවසුවේ පොහොර නොමැතිව වගා හානි වූ ගොවීන්ට තවමත් වන්දි ලබාදී නොමැති බවයි.

මහ කන්නයේ අස්වැන්න විනාශ වූවේ ගොවීන්ගේ වරදක් නිසා නොවන අතර ආණ්ඩුවේ කඩිකුලප්පු පොහොර ප්‍රතිපත්තිය නිසයි. පොහොර නොමැතිව අස්වැන්න පාලු වීම නිසා ණය වී වගා කළ ගොවීන්ට තම ණය ගෙවා ගත නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ. ඊට අමතරව ආදායම් අහිමිවීම ඔවුන්ගේ ආර්ථිකයට ප්‍රබල ලෙස බලපා ඇත.

මැයි 09වනදා රට පුරා සිදුවූ සිදුවීම් හරහා විනාශ වූ මැති ඇමතිවරුන්ගේ නිවාසවලට අදාළ වන්දි මුදල් ලබාදීමට අදාළව මේවනවිට තක්සේරු කටයුතු පවා
සිදුවී අවසන්ය. පාර්ලිමේන්තුවේ දින 3ක් පමණ පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභය පිළිබද සභාව කල්තැබීමේ විවාදය පැවැත්වුණි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...