උවමනාව තිබුනත් මර්දනය කැඳවන්න ගෝඨාභයට බැහැ

ආණ්ඩුවේ අය උත්සාහ කරන්නේ මේ ආණ්ඩුවම පවත්වාගෙන යන්න. ස්වාධීන වුණා කියපු අයගේ ඇත්ත මූණ අපි නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීමෙදි දැක්කා. ජන අරගලයට තිබෙන දැවැන්ත ජනතා ආශීර්වාදය නිසා මේ අයට ජනතාව සමග ඇඟෑලුම් කම් පවත්වන්නත් ඕන. ඒ වගේම ඒ අය මැතිවරණයකට කැමතිත් නෑ. නැවත වරක් ඔවුන්ට පාර්ලිමේන්තු එන්න බෑ. විශ්‍රාම වැටුප් වගේ වරප්‍රසාද අහිමි වෙන නිසාත් මැතිවරණයකින් දිනන්න බැරි නිසාත් මේ අය හදන්නේ ගෝඨාභය ජනාධිපති තනතුරේ තියාගෙන අන්තර්කාලීන, භාරකාර වගේ බොරු නම් දාගෙන මේ ආණ්ඩුවම අවුරුද්දක් දෙකක් ඇදගෙන යන්න. ඒ අතර දැන් සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩු ගැන සාකච්ඡාවකුත් පෙරට ඇවිත්. නීතීඥ සංගමය යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. දන් සමගි ජන බලවේගය නීතීඥ සංගමය එක්ක කතා කරනවා, නීතීඥ සංගමය ජනාධිපති එක්ක කතා කරනවා කියලා පුවත් යනවා. සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගය කලින් කිව්වේ ජන මතයට හිස නවනු කියලා. ජන මතය ගෝඨාභය ගෙදර යන්න කියන එක. මුලින් කිව්වා හොරු එක්ක අන්තර්වාර ආණ්ඩු හදන්නේ නෑ කියලා.

සජබ සහ ජනතා විමුක්ති පෙරමුණ යන දෙකම ඉල්ලුවේ ඉක්මන් මහ මැතිවරණයක්. මහ මැතිවරණයකින් ගෝඨාභය ඉවත් කරන්න බෑ. ඒ ගොල්ලෝ කොහොමත් කිව්වේ ගෝඨාභය ජනාධිපති ලෙස ඉන්න අතර හදන ආණ්ඩුවක් ගැන. ජනතාව ඉල්ලන්නේ ඒක නෙවෙයි. මේ මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාසලාට විධායක බලය පාවිච්චි කරන්න ආසයි. ඒ විධායක ජනාධිපති විදියට වෙන්න පුළුවන්, නැතිනම් විධායක අගමැති විදියට වෙන්න පුළුවන්. කොහොම හරි විධායක බලය තනිවම රස විඳින්න ඕන. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියලත් කරන්න යන්නේ විධායක බලය සහිත අගමැති කෙනෙක් වෙන්න.

ඉහත අදහස් දැක්වීම සිදු කරනු ලැබුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් ිසින් අද කැඳවා තිබුණු මාධ්‍ය හමුවකදී. අරගල ඉදිරි ක්‍රියාමාර්ග සහ දේශපාලන තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

Share post:

Popular

More like this
Related

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...

රවි කරුණානායක අත්අඩංගුවට 

හිටපු අමාත්‍යවරයෙකු සහ වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු...

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...