සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අරඹද්දී ගුවන් යානා 21ක් කල්බදු ලබාගන්න සැරසෙයි

පාඩු ලබන රාජ්‍ය සමාගමක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙම අර්බුදකාරී වාතාවරණය තුළ සිය දිගුකාලීන ව්‍යාපාරික උපාය මාර්ගයට සහාය වීම සඳහා ගුවන් යානා 21ක් කල්බදු ගැනීමට සැලසුම්කර ඇත.

ගුවන් සේවය මෙළෙස ගුවන් යානා 21ක් ලබා ගැනීමට යන්නේ ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ පිරවුම්හලින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට තීරණය කර ඇති තත්ත්වයක් තුළයි.

සැලසුම් කර ඇති ගුවන් යානා වලින් දළ වශයෙන් 60% ක් ගුවන් යානා ප්‍රතිස්ථාපනය සඳහා වන අතර ඉතිරිය ගුවන් සමාගමේ ව්‍යාප්ති උපාය මාර්ගයට සහය වීම සහ ශ්‍රී ලංකාව සහ ලෝකය අතර ගුවන් ගමන් සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා වනු ඇතැයි ශ්‍රී ලංකා ගුවන් සේවය සඳහන් කළේය.

වසංගතයට පෙර, 2019 දී, ශ්‍රී ලංකන් සේවය සතුව කෙටි හා දිගුකාලීන මෙහෙයුම් සඳහා පුළුල් හා පටු බඳ සහිත ගුවන් යානා 27 කින් සමන්විත ගුවන් යානා ඇණියක් තිබුණි.

කොවිඩ් වසංගතය අතරතුර, ගුවන් යානා සමූහයෙන් ඉවත් වූ ගුවන් යානා තුනක් සඳහා ආදේශකයක් නොතිබුණි.

දැනට රටවල් 25ක ගමනාන්ත 40ක් වෙත ක්‍රියාත්මක වීමට ගුවන් යානා 24ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඇත.

ජාත්‍යන්තර සංචාර කේෂත්‍රය, වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් සංඛ්‍යාත වැඩිවීම් සහ නව ගමනාන්ත එකතු කිරීම තුළින් ඉදිරි වසර තුන තුළ මනින ලද වර්ධනයක් සඳහා ශ්‍රීලංකන් සැලසුම් කරයි.

ගුවන් සේවයේ ව්‍යාපාර සැලැස්මට 2025 වන විට ගුවන් යානා 35කින් සමන්විත බලඇණියක් අවශ්‍ය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේය.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය යානා 21ක් කල්බදු ගැනීමට සැලසුම් කරයි.

කෙසේවෙතත් මෙවන් අර්බුදකාරී අවස්ථාව ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා කල්බදු ගැනීමට යෑම සම්බන්ධයෙන් පක්ෂ – විපක්ෂ දේශපාලනඥයින්ගෙන් දැඩි විවේඡන එල්ලවී ඇත.

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...