භාණ්ඩ 367ක් ආනයනයට සීමා

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල් ඇමතිවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා.

මෙම රෙගුලාසි අද (09) සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මෙකී භාණ්ඩ ආනයනය සඳහා ආනයන-අපනයන පාලකවරිය විසින් නිකුත් කරන බලපත්‍රයක් ලබාගත යුතු අතර ඊට පෙර ඒ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ නිර්දේශ ලබාගත යුතුය.

ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග, චීස්, චොකලට්, ජලය, විදෙස් මත්පැන් හා බියර් වර්ග සඳහා මෙම රෙගුලාසි බලපැවැත්වේ. මීට අමතරව රූපලාවන්‍ය උපකරණ, පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ වර්ග ඊට ඇතුළත් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...