Breaking News

පිසදමන් කඳුළු ටිශූ පේපරයෙන්

රසිකා මුහන්දිරම්ගේ

ඉන වටා කිරි කවඩි පැළදි
බඩඉඟුරු ගොවි දරුවෝ
ළඟම පාසල හොඳම
උගනිත් ටැබ් දරා සුරතින්

සරු ගොවිබිම් මැදින්
දුවගෙන එන තරුණ ගෙවිලියක
එල්ලී සුරතෙ ගොවිහිමි
අසයි…..
අද හවස ඇවිදිමූ ද ජොගින් ට්‍රැක්එකේ අපි?

වාංඇළ ගිලි ගිලී
දියබුං කෙළින යුහුනන්
වාදයක එළඹ ඇත
ලබන කන්නයෙ වපුරන
කුරුළුතුඩු කහමාල ගැන

විශ්‍රාම ගොවි නෝන මහතුන්
මැදසාල පුළුල් තිරයෙන්
බල බලා සුසුම් හෙලත්
අසල රටක ගොවීන්
උස්සාගෙන බෝඩ්ලෑලි
දවාගෙන පාලක පඹයන්
ඉල්ලා පොහොර වෙනුවෙන්
කරන අරගල
පිසදමමින් කඳුළු ටිශූ පේපරයෙන්!!!

රසිකා මුහන්දිරම්ගේ

leave a reply