පිසදමන් කඳුළු ටිශූ පේපරයෙන්

ඉන වටා කිරි කවඩි පැළදි
බඩඉඟුරු ගොවි දරුවෝ
ළඟම පාසල හොඳම
උගනිත් ටැබ් දරා සුරතින්

සරු ගොවිබිම් මැදින්
දුවගෙන එන තරුණ ගෙවිලියක
එල්ලී සුරතෙ ගොවිහිමි
අසයි…..
අද හවස ඇවිදිමූ ද ජොගින් ට්‍රැක්එකේ අපි?

වාංඇළ ගිලි ගිලී
දියබුං කෙළින යුහුනන්
වාදයක එළඹ ඇත
ලබන කන්නයෙ වපුරන
කුරුළුතුඩු කහමාල ගැන

විශ්‍රාම ගොවි නෝන මහතුන්
මැදසාල පුළුල් තිරයෙන්
බල බලා සුසුම් හෙලත්
අසල රටක ගොවීන්
උස්සාගෙන බෝඩ්ලෑලි
දවාගෙන පාලක පඹයන්
ඉල්ලා පොහොර වෙනුවෙන්
කරන අරගල
පිසදමමින් කඳුළු ටිශූ පේපරයෙන්!!!

රසිකා මුහන්දිරම්ගේ

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...