කෝලා ඕස්ට්‍රේලියාවේ විනාශකාරී ලැව්ගිනි හේතුවෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත

ඕස්ට්‍රේලියාව වඳවීමේ තර්ජනයට ලක්වී සිටින කෝලා සත්ත්වයින් ආරක්ෂා කර ගැනීම සඳහා ඩොලර් මිලියන 35 ක මුදලක් වෙන්කර ඇති බව වාර්තා වේ . ඉදිරි වසර හතර තුළ ඕස්ට්‍රේලියාව සිය කෝලා ආරක්ෂා කිරීම සඳහා ඩොලර් මිලියන 35 ක් ආයෝජනය කරන බව අග්‍රාමාත්‍ය Scott Morrison මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ .

මෑතකදී රට තුළ ඇති වූ දැවැන්ත ලැව් ගිනි හේතුවෙන්, විශේෂයෙන් 2018 සිට, ඕස්ට්‍රේලියානු කෝලාවන් 30% ක් පමණ මිය ගොස් ඇත. ඕස්ට්‍රේලියානු කෝලා පදනමේ වාර්තා වලට අනුව මේ සතුන්ගේ සීඝ්‍ර පරිහානියට බලපා හේතු අතර නියඟය, වන විනාශය මෙන්ම සතුන්ගේ වාසස්ථාන ආශ්‍රිතව කෙරෙන මිනිසුන්ගේ බොහෝ ක්‍රියාකාරකම් හේතුවෙනවා .

2019 වසර ඕස්ට්‍රේලියානු කෝලා සතුන් ඇතුළු බොහෝ වන සතුන්ට ව්‍යසනකාරී විය, ගින්නෙන් නිව් සවුත් වේල්ස් හි පමණක් අක්කර මිලියන 12 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් විනාශ විය.

එමෙන්ම මේ සත්ව ප්‍රජාව විනාශ කරන ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් වන ක්ලැමීඩියා පැවතීමද හේතු වී තිබෙනවා .
සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් කෝලා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර එය “අවදානමට ලක්විය හැකි” ලෙස නිර්වචනය කර ඇත.

ඕස්ට්‍රේලියානු කෝලා පදනම පවසන්නේ මේ සත්ව ගහනය 58,000 ට වඩා බෙහෙවින් අඩු වනු ඇති බවයි .

 

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...