අයිස් වතුරේ ගිලෙන මිනිස්කම්

තෙහැවිරිදි දියණිය
පසෙකින් වැතිර
සීලිම දෙස බලන්
අනිමිසලෝචනේ නියැළෙමි
ඕඩිකොලෝන් සුවඳක් දැනෙයි,
සුළි කුණාටුවක් සේ
ඒ සුවඳ පපු කුහර දෙදරවයි
මනුතාපයේ ජෝන් වැල්ජෝන්
අකුණක්ව මතකයෙන් අවදිවෙයි
මා මෙන්ම ඔහු මෙන්ම ටූලෝන්
එකම ගැලියේ වැටී වාල්කම්
කරන මහබාගයේ බාග මනුසත්වරුනි
සතුටින්ද, නින්ද යනවාද දැන් …. ?
මිටියක් ගෙන තළා
ලෝකයම ජිල්බෝලයක් කොට
ඕඩිකොලෝන් දියරයෙහි
ගිල්වා දමන්නට අවැසිය මට
ජෝන් වැල්ජෝන්,
එළිවෙන තුරා අප දෙදෙන අද
අයිස් වතුරේ ගිලෙන
මිනිස්කම් ගැන කතා කර කර
කම්පා විය යුතුය …..
( මහබාගේ සුපිරි වෙළඳසලකින් ළමා සුවඳ විලවුන් බෝතලයක් සොරකම් කළ පුද්ගලයෙකුව අල්ලා ගැනීමට පිරිසක් හඹා යද්දී ඔහු අයෙකුට පිහියෙන් ඇන අවසානයේ සියදිවි හානිකරගෙන තිබිණි. )

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...