ඔමික්‍රෝන් රැල්ලක් ගැන අනතුරු අඟවයි

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පැතිරීමේ හැකියාව ඉතා ඉහළ බැවින් ඉදිරි සති කිහිපය තුළ මෙරට දැවැන්ත ආසාදිත රැල්ලක් ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මෙරට ප්‍රභේද හඳුනාගැනීමට ඇති සීමිත හාකියාව යටතේ වුවත් දැනටමත් මෙරටින් රෝගීන් 47 දෙනෙක් හඳුනාගැනීමෙන්ම එය ඩෙල්ටා ප්‍රභේදය අභිබවා පැතිරිය හැකි බව පෙනී යන්නේ යැයි එම සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සහ නිසි සෞඛ්‍ය පුරුදු දැඩිව අනුගමනය කිරීම කළ යුතු බව එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සංසරණය වෙමින් පවතින වාතාවරණයකදී වුවත් උත්සව සමයේ කඩ සාප්පු, තැබෑරුම්, දෙසැම්බර් 31 රාත්‍රී සාද ආදිය තුළ ඇතිවූ තදබදය ආදිය සැළකිල්ලට ගැනීමේදී දැවැන්ත ආසාදන රැල්ලක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ලේකම්, විශේෂඥ වෛද්‍ය ආර්. ඥාණසේකරම් අයගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වේ.

මෙතෙක් ප්‍රමුඛව පැවති ඩෙල්ටා ප්‍රභේදය අභිබවමින් ලොව බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය බරපතළ නොවූවද පැතිරීමේ ඉහළ හැකියාව තුළ රෝගීන් සංඛ්‍යාව වැඩිවුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතියට හා මෙරට ආර්ථිකයට බලපෑම් එල්ල කළ හැකි බව එහි සඳහන් වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...