නැගෙනහිර අප්‍රිකානු නියඟය

මෙම ඡායාරූපය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අප්‍රිකාවේ හෝං (Horn) ප්‍රදේශයේ අඛණ්ඩව පවතින දැඩි නියඟය නිසා මියගොස් සිටින ජිරාෆ් සතුන් කිහිපදෙනෙකුයි. මෙම ඡායාරූපය ගෙන තිබෙන්නේ සබුලි නම් කෙන්යානු වනෝද්‍යානයකදීයි.

මෙම නියගය හේතුවෙන් වන සතුන්ට අමතරව අවම වශයෙන් මිලියන 26 ක ජනතාවක් ආහාර සොයා ගැනීම සඳහා අරගල කරමින් සිටින බව වාර්තා වෙනවා. එසේම කෙන්යාවේ පමණක් 4000ක පමණ ජිරාෆ් සතුන් ප්‍රමාණයක් නියගය හේතුවෙන් මිය යනු ඇති බවට ගණන් බලා තිබෙනවා.

උතුරු කෙන්යාවේ, සෝමාලියාවේ සහ දකුණු ඉතියෝපියාවේ නියඟ තත්ත්වයන් අවම වශයෙන් 2022 මැද භාගය දක්වා පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එමඟින් සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේ ජීවිත ද අවදානමට ලක්ව තිබෙනවා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...