අලුත් ගෑස් සිලින්ඩරවලත් ලීක්

නව මුද්‍රාව සහිත ගෑස් සිලින්ඩරයක් සම්බන්ධ පිපිරීමක් හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම සිද්ධිය පිළිබඳව මේ වන විට පරීක්‍ෂණයක් ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා තිබේ.

මේ අතර ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුනේ රතුපාට නව මුද්‍රාව සහිතව වෙළඳපොළට නිකුත් කර ඇති නව ගෑස් සිලින්ඩරයද ලීක් වෙන බවයි.

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හා අනතුරු ඉහළ යාමත් සමග පාරිභෝගික අධිකාරිය මැදිහත් වී නව ලේබලයක් හඳුන්වාදීමද ගෑස් සමාගම්වල ලාභ ජාවාරම ආවරණය කිරීමේ උපක්‍රමයක් දැයි සැක මතුව ඇත.

මාසයක පමණ කාලයක් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් සම්බන්ධ අනතුරුවලදී එම සිලින්ඩර්වලද මෙම නව ලේබලය සහිත වූ බව පාරිභෝගිකයන් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් ගෑස් පාරිභෝගිකයන්ගේ විශ්වාසය නැවත ලබාගැනීමේ බාල වෙළඳ උපක්‍රම ගෙනයමින් ඔවුන් අනතුරට හෙළිම සම්බන්ධ නීතිමය පියව නොගෙන ආණ්ඩුව පමනක් වරද පිළිගෙන අත පිසදා ගන්නා බව පාරිභෝගික රාජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පෙනී යයි. ජනතාවගේ ජීවිත අනතුරුවලට හෙළා ලාභ උපයන්නේදැයි ගෑස් සමාගම් වෙතින් පිළිතුරු ලබා ගත නොහැකිවනු ඇත. මන්ද ඔවුන් මේ දක්වා සිදු කළ විවිධ වෙනස්කම් කිසිවක් පාරිභෝගික ආරක්ෂාව සලකා සිදුකළ ඒවා නොවන බව සනාථවන නිසාය.

 

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...