Breaking News

ගෝඨගේ අයිතිවාසිකම් අහෝසි කිරීමේ කතාවට තුනෙන් දෙකෙන් මෛත්‍රී උත්තර දෙයි

අධිතාක්ෂණ කේබල් මත ඉදිකළ නව කැළණි පාලමේ කල්‍යාණි රන් පිවිසුම විවෘත කරන අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වගකිවයුත්තන්ට අධිකරණ ක්‍රියාමාර්ග වලට ප්‍රථම පාර්ලිමේන්තුව හරහා ක්‍රියා මාර්ග ගත හැකි බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමෙන් වැරදිකාරයෝ කවුද කියන එක පෙන්වා දී ඇති බවත් ඒ අනුව එවකට හිටිය ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය ඊට වගකිව යුතු බව පවසනවා. පසුගිය ආණ්ඩු මෙන් මේ ආණ්ඩුව දේශපාලන පළිගැනීම් නොකරන බවත් ඒ කෙසේ වෙතත් මෙය ඉක්මනින්ම කළ යුතු නම් පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් සම්මත කරගෙන ඊට වගකිව යුත්තන්ගේ අයිතිවාසිකම් අහෝසි කළ හැකි බවද ජනාධිපතිවරයා පවසා සිටියා. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ තමන්ගේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තිබෙන නිසා එය කළ හැකි බවයි. ඒ නිසා එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේශමෙන් ඉල්ලන්න වෙයි කියන ප්‍රකාශය ද ඔහු කළා .

කෙසේ වෙතත් ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කර තිබෙන වටපිටාවක් තුළ අද දිනයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලයේ අයිතිය පිළිබඳව අද පාර්ලිමේන්තුවේ සංවාදයකදී අනාවරණය කළා පමණක් නොව ආණ්ඩුවට රතු එළියක් ද දන්වනු ලැබුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කර සිටියේ ගහගන්න ගියොත් මොන මොන විදිහේ තුවාල ඇති වෙයිද කියන එක ප්‍රශ්නයක් බවත් ආණ්ඩුවේ තුනෙන් දෙක රඳාපවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දාහත්දෙනාගේ අත බවත් පවසනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය හරහා ගම්‍ය වෙන්නේ ගෝඨාභයට තුනෙන් දෙකේ බලය පාවිච්චි කර පාස්කු ප්‍රහාර වරදකරුවන්ට දඬුවම් කරන්නට හැකියාවක් නොලැබෙන බවයි. යම්හෙයකින් පාර්ලිමේන්තුවට පනතක් ගෙනැවිත් සම්මත කරමින් ඊට වගකිවයුත්තන් ලෙස චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති අගමැති ඇතුළු කණ්ඩායමට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුව තුළ අවස්ථාවක් නොලැබෙන බවයි.

 

leave a reply