Breaking News

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළක්වීමට ‘තැඹිලි පාට’

අද පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරියන් තැඹිලි වර්ණයෙන් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි.

කොළඹ නගර ශාලාව ඊයේ රාත්‍රියේ තැඹිලි වර්ණයෙන් දිස් විය.

මෙම තැඹිලි වර්ණයෙන් සැරසීමට හේතුව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙනි.

මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති දිනයකි.

ලොවපුරා සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ජීවිත කාලය තුළදී කිසියම් ප්‍රචණ්ඩත්වය කට ගොදුරුවන බවයි සංඛ්‍යා වාර්තා වල දැක්වේ. .

ලංකාවේ පාර්ලිමේන්තුව තුළද මන්ත්‍රීවරුන් විසින් මන්ත්‍රීවරියන්ට වාචික හිංසන සිදුකිරීමේ සිදුවීම් කිහිපයක්ම පසුගිය දිනවල වාර්තා විය.

 

leave a reply