රටේ මිනිස්සුන්ගේ මනසේ විකෘතිතාවයක් නිසා මේ ආණ්ඩුව පත් වූ බව ආචාර්ය අජන්තා පෙරේරා පවසයි.

රටේ මිනිස්සුන්ගේ මනසේ විකෘතිතාවයක් නිසා වත්මන් රජය විශාල බලයක් සහිතව පත්කරගත් බව පරිසර වේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසනව. ඇය මේ බව පවසන්නේ ජාතික වෘත්තීය සමිති පෙරමුණ ඊයේ කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේදීයි . එම මාධ්‍ය සාකච්ඡාවේදී ආචාර්ය චන්දිමා විජේගුණවර්ධනද අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසා සිටියේ චීනයෙන් පැමිණෙන පොහොර හරහා අපේ රටට අනතුරු පැමිණිය හැකි බවයි. එහිදී ඇය අවධාරණය කර සිටින්නේ මෙම චීන පොහොර සමග අපේ රටට අනතුරු දෙකක් ඇතුළු විය හැකි බවයි,ඒ අනතුරු නම් අපේ පසට අහිතකර බැක්ටීරියාවන් ඇතුළු වීම සහ  පොහොර සමග අපේ පසට පරිසර පද්ධතියට අහිතකර  බීජ පැමිණිය හැකි බවයි.

කෙසේවෙතත් මෙහිදී අදහස් දැක්වූ ය දැඩි ලෙස රජයේ ප්‍රතිපත්තිය විවේචනය කර සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...