වසරේ ඉහළම උද්ධමනය ඔක්තෝම්බර් මස වාර්තා වෙයි

මෙම වසරේ ඉහළම උද්ධමනය (භාණ්ඩ මිල ඉහළ යෑම) පසුගිය ඔක්තෝබර් මස වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 7.6 ක් වූ අතර එය සැප්තැම්බර් මාසයේ සියයට 5.7 ක් ලෙස පැවතුණි.

මෙය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 1.9 ක ඉහළ යෑමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ආහාර සහ ආහාර නොවන යන භාණ්ඩ කාණ්ඩ දෙකේම මිල ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

සහල්, කිරිපිටි සහ ගෑස් යන ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් සෙසු උප අයිතමවල මිල ද ඉහළ යෑම මෙම තත්වයට හේතු වී ඇති බව මහ බැංකුව වැඩි දුරටත් කියයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...