වසරේ ඉහළම උද්ධමනය ඔක්තෝම්බර් මස වාර්තා වෙයි

මෙම වසරේ ඉහළම උද්ධමනය (භාණ්ඩ මිල ඉහළ යෑම) පසුගිය ඔක්තෝබර් මස වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 7.6 ක් වූ අතර එය සැප්තැම්බර් මාසයේ සියයට 5.7 ක් ලෙස පැවතුණි.

මෙය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 1.9 ක ඉහළ යෑමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ආහාර සහ ආහාර නොවන යන භාණ්ඩ කාණ්ඩ දෙකේම මිල ඉහළ යෑම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

සහල්, කිරිපිටි සහ ගෑස් යන ප්‍රධාන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමෙන් සෙසු උප අයිතමවල මිල ද ඉහළ යෑම මෙම තත්වයට හේතු වී ඇති බව මහ බැංකුව වැඩි දුරටත් කියයි.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...