යන තැනකට පලයල්ලා රජවරු හදන්න මෙහෙට නෑවිදින් එහේ හොඳින් හිටපල්ලා

නොරටට යන උඹලටමයි මේ ලිවුවේ…
මේ පළවෙනි ඡායාරූපය පහුගිය සඳුදා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉස්සරහ තත්වයයි. ඒ වගේම දෙවෙනි ඡායාරූපය කොළඹ පිහිටි ඉතාලි වීසා ලබා ගැනීමට අදාල V.F.S. ආයතනය ඉස්සරහ තත්වයයි.
කොහොමින් හරි මේ තත්වයන් එක්ක පේන දේ තමයි ලංකාවේ හැකියාවක්, අවස්ථාවක් තියෙන හැම කෙනාම ලැබෙන පළවෙනි අවස්ථාවෙ කරන එකම දේ මේ රටෙන් එපිටට යන්න ට්‍රයි කරන එක. ඒ උත්සාහයේ කිසිම වැරැද්දක් නෑ. මොකද අනාගතයක් අපේක්ෂා කරන හැම කෙනාම බලන්නෙ මේ ධර්මද්වීපයෙන් පිටවෙන්න. මේ රටේ ඉන්න තාක්කල් තමන්ට විතරක් නෙමෙයි තමන්ගෙ දරු මුණුබුරන්ට පවා අනාගතයක් නෑ කියන එක බහුතරයක් පිළිගන්න ඇත්ත.

මේ උත්සාහයට අකුල් හෙළන්න තුන් හිතකවත් අදහසක් නෑ. හැබැයි ඔය උඩ දාගෙන යන එවුන්ට කියන්න දෙයක් නං තියෙනවා. දැන් උඹල මේ නරකාදියෙන් එළියට ගිහින් ලස්සන ලෝකෙකට සෙට් උනාට පස්සෙ උඹලට අමුතු කිචියක් හැදෙනවා. ඒ තමයි දේශප්රේමය. ආන්න ඒ කිච්යත් එක්ක උඹල ඒ ඒ රටවල්වල හෙන ආතල් එකේ ඉඳන් අපේ රට ජාතිය ආගම බේරගන්න දතකන අමුතු ලෙඩක් හැදෙනවා.

ඒ වගේ ලෙඩ හැදිච්ච එවුන් තමයි අර පහුගිය කාලේ “ඩයස්මී”… “රණවිරුගායෙන් පෙළෙමි”… ” ආමි….” “නාමී…” ගගා පඬි ටෝක් දීල, කතිරෙ ගහල අපිව මේ නාරාවලට ඇදල දාලා ගිහින් දැන් ආතල් එකේ කෑම ෆොටෝ, ට්‍රැවල් ෆොටෝ දදා තවමත් ආතල් එකේ ඉන්නේ. මේ කතාව ඔය ඩයස්මී කියාගෙන ආපු ගොබ්බයට විතරක් නෙමෙයි ඒ දවස්වල රට විරුවෝ ගාගෙන ඇවිත් කතිරෙ කෙළල ගිය ගොබ්බයො ඔක්කෝටමයි.

උන්ගෙ ගායට උන් මෙහෙට ඇවිත් අපිට කෙළල ආපහු යනවා. ගිහින් ආතල් එකේ ඉන්නවා. අපි මෙහෙ ඉඳන් කෙළව ගන්නවා. අපිට කෙළ වෙනකොට “කරන්න දෙයක් නෑ අඤී…. අපිත් මෙහෙම වෙයි කියල හිතුවෙ නෑ අඤී… ගගා වැළපුණාට වැඩක් නෑ. තොපි අඤී….අඤී… ගගා ආතල් එකේ ඉදියි, අපි ගෑස්, හාල්, කිරිපිටි පෝළිමේ ඉඳී.

ඒ නිසා වැඳල කියන්නම් යන එවුන් ගිහින් එහෙ ආතල් එක අරන් එහෙටම වෙලා ඉඳපල්ලා. එහේ තොපි ආතල් අරන්, එක එක ගායවල් හදාගෙන මෙහෙ ගැන තීන්දු තීරණ ගන්න එපා. මොකද එහේ ගියාට පස්සේ උඹල මෙහෙ දකින යූ බටෙනුයි, මූණු පොතෙනුයි, අර හතරැස් පෙට්ටියෙනුයි පෙන්නන ලෝකෙ නෙමෙයි මෙහේ තියෙන්නේ. පවුලේ නාලිකවෙනුයි, මහ ගෙදරිනුයි, අදද රෙන එකෙනුයි පෙන්නන සුරංගනා ලෝකෙ මෙහෙ නෑ කියල තොපි දන්නවනේ. ඒක නිසානේ මේ නාරාවලෙන් එළියට යන්නේ.

ඒ නිසා ආයෙත් ආයෙත් ආයෙත් කියන්නේ, ගිය තැනක ගිය වැඩේ කරගෙන උඹලගෙ ආතල් එක අරන් ඉඳපල්ලා. ඒ ආතල් එකෙන් චූන් වෙලා එක එක ගායවල් හදාගෙන අපිට තවත් කෙළවන්න එන්න එපා. මොකද අද වෙන කොටත් අපි ඉන්න ගෑස්, කිරිපිටි, හාල් පෝළිම්වල ඒ දවස්වල රණවිරුගායෙන් පෙළිච්ච ඩයස්මීලා නැතුවා වගේම තොපි ඇවිත් තවත් කෙළවල ගියාම ඒ පෝළිම්වලත් තොපි නෑ කියන්න අපි දන්න නිසා.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...