Breaking News

අපිව පාවිච්චි කරන පාවිච්චි කිරිල්ලේ ප්‍රමාණය mark zuckerberg ඊයේ අපිට කියා දුන්නා

ඊයේ දිනයේ දී ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලා ත්‍රිත්වයක් වන instagram, facebook , whatsapp එක විට අක්‍රීය වී යනවා. සමාජ මාධ්‍ය ජාලා ත්‍රිත්වය අයිතිවෙන්නේ ෆේස්බුක් අයතනයට. මේවා නඩත්තු වෙන්නේ ඔවුන් යටතේ, වගකීම තියෙන්නෙ ඔවුන් යටතේ, මේවායෙන් ආදායම් උපයන්නේ ඔවුන්. අපි කවුරුත් දන්නවා මේකේ අයිතිකාරයා කවුද කියලා mark zuckerberg.

මේ සමාජ මාධ්‍ය ජාලා ත්‍රිත්වයේ සබඳතාවය බිඳ වැටෙන්නේ ලංකාවේ වෙලාවේන් රාත්‍රී අටට පමණ. එක විට මෙම සමාජ මාධ්‍ය ජාලා ත්‍රිත්වය අක්‍රීය වීම හේතුකොටගෙන ලොව මිලියන ගණනක් පුද්ගලයින් සහ ආයතන අපහසුතාවයට පත්වෙලා තිබෙනවා. මේ සබඳතා බිඳ වැටීමේ කාල පරාසය පැය 6 කට ආසන්නයි. මේ සිදුවීම පිළිබඳව මුල් මොහොතේම පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට බැරුව ගිය ග්‍රහකයන් කලබලයට පත් වෙනවා. තමන්ගේ පෞද්ගලික සබඳතාවයේ බිඳවැටීමක් ද එහෙම නැත්නම් internet connection වල අවුලක් ද කියලා සොයා බලමින් ඒ පිළිබඳව විමසිලි කරන්න පටන් ගන්නවා. මේ බිඳ වැටීම මිනිස්සුන්ට දැනෙන්නේ තමන්ගේ ශරීරයේ කොටස් අහිමි උනා වගේ. සමාජ මාධ්‍ය ජාලා කොයිතරම් අපිව ග්‍රහණයට අරන් තියෙනවද කියන එක සැලකිල්ලට ගන්න සහ එකේ ප්‍රමාණය කොපමණ විශාලද කියන එක තේරුම් ගන්න මේ සිදුවීම වැදගත්.මේ බිඳ වැටීම හේතු කරගෙන ෆේස්බුක් ආයතනයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මිලියන 10ට අධිකයි. තවමත් මේ බිඳ වැටීමට හේතුව කුමක් ද කියන එක ඔවුන් තහවුරු කරලා නෑ, නිශ්චිත වශයෙන්. 2019 වර්ෂයේ මෙවැනිම බිඳවැටීමක් ෆේස්බුක් ආයතනය පෙන්නුම් කළා හැබැයි ඒක මේ තරම් දීර්ඝ එකක් නෙමෙයි.

මේ සිද්ධිය හරහා මතුවෙන වැදගත්ම සිදුවීම සමාජ මාධ්‍ය ජාලා පාවිච්චි කරන බහුතරයක් දෙනා දන්නේ නැහැ. ඒ තමයි තත්පරයෙන් තත්පරය යම් පුද්ගලයෙක් ආදායම් ඉපයීම සඳහා තමන්ව පාවිච්චි කරනවා කියන එක. මේ පැය හයක බිඳවැටීම තුළින් අපි මොන තරම් වෙන කෙනෙක් වෙනුවෙන් පාවිච්චි වෙනවද කියන එක තහවුරු කරනවා. ඒ තහවුරු වීම සිද්ධ වෙන්නේ ඔහුගේ එහෙම නැත්නම් mark zuckerberg ආදායම බිඳවැටිම ඩොලර් බිලියන වලින් ගණන් හදා බලපු විටයි. පැය හයක සබඳතාවය බිඳ වැටීම හේතුවෙන් ඔහුගේ ශුද්ධ වත්කම් පාඩුව ඩොලර් බිලියන 7 පමණ වෙනවා. දැන් ඔබ ටිකක් කල්පනා කරල බලන්න පැය හයකට එච්චර පාඩුවක් වෙනවා නම් හැමදාම අපිව පාවිච්චි කරලා මේ අය කොච්චර උපයනවා ද කියලා. ඒ විතරක් නෙමෙයි ඔහු මේ පැය හය නිසා ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා පල්ලම් බහින්න හේතුවක් වෙනවා.

ඉතින් දැන් නං කිසි අවුලක් නෑ ඉහත අපි කිව්ව සමාජ මාධ්‍ය ජාලා ත්‍රිත්වයම හොදට වැඩ කරනවා. අද දවස අවසාන වන විට mark zuckerberg ආදායමත් යථා තත්ත්වයට පත්වෙයි. අර පල්ලයහට ගිය ආදායම් ලයිස්තුවෙන් ඔහු උඩටත් එයි . අපි ඉතිං මේ ඔක්කොම අමතක කරලා ආයෙත් ෆේස්බුක් එකේ උඩට යටට යයි.

leave a reply