ආණ්ඩුවේ කැරට් අල එපා – වැටුප් විෂමතාවයට සැබෑ විසඳුම් දෙන තුරු ගුරු අරගලය දිගටම

ගුරු-විදුහල්පති සේවාවල ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ලබා දුන් විසඳුම කිසිසේත්ම පිළිගත නොහැකි නිසා වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බව අද(31) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් ගුරු සංගම් විසින් නිවේදනය කර ඇත.

වසර 24ක් තිස්සේ කැබිනට් මණ්ඩල 5ක් වෙත තමන් ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත් අවසානයේ මෙම ඇමති මණ්ඩලයෙන්ද පිළිගත හැකි විසඳුමක් ලැබී නැති බව එම මාධ්‍ය හමුවේදී ගුරු-විදුහල්පති සංගම් නියෝජිතයේ ප්‍රකාශ කළහ. වත්මන් ආණ්ඩුව විසින්ම ජනවාරි මස ප්‍රකාශයට පත් කළ සුබෝධනි කමිටු වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලෙකම්වරු 5 දෙනකු විසින් කළ අධ්‍යයනයකින් ඉදිරිපත් කළ විසඳුම් යෝජනාවක් බව පෙන්වා දෙන ඔවුහු පවසා සිටින්නේ, එවැනි කමිටු කාලය මැරීමට පමණක් කළ මැදිහත්වීම්දැයි තමන්ට සැකයක් පවතින බවය. තමන් අවම වශයෙන් ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව ඉදිරිපත් වූ ඒ වාර්තාව මත පදනම්ව විසඳුමක් ලැබේ යැයි අපේකෂා කළ නමුත් අවසානයේ ඇමති මන්ඩලයේ තීරණයක් පමණක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

රුපියල් පන්දහසක දීමනාවක් තමන්ට කිසිසේත් එකඟ විය හැකි විසඳුමක් නොවන බව පවසා සිටි ගුරු විදුහල්පති සංගම් නියෝජිතයෝ, සුබොධනි කමිටුව යෝජනා කළ රු 21000 වැටුප් ඉහළ නැංවීමේ පියවරක් ලෙස ආණ්ඩුව කියන ආකාරයෙන් රු 11000 වැටුප් ඉහළ නැංවීමක් හෝ ඉදිරිපත් කරන්නට ආණ්ඩුව තීරණය කළ යුතුව තිබුණු බව අවධාරනය කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...