ආණ්ඩුවේ කැරට් අල එපා – වැටුප් විෂමතාවයට සැබෑ විසඳුම් දෙන තුරු ගුරු අරගලය දිගටම

ගුරු-විදුහල්පති සේවාවල ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ලබා දුන් විසඳුම කිසිසේත්ම පිළිගත නොහැකි නිසා වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන බව අද(31) දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් ගුරු සංගම් විසින් නිවේදනය කර ඇත.

වසර 24ක් තිස්සේ කැබිනට් මණ්ඩල 5ක් වෙත තමන් ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත් අවසානයේ මෙම ඇමති මණ්ඩලයෙන්ද පිළිගත හැකි විසඳුමක් ලැබී නැති බව එම මාධ්‍ය හමුවේදී ගුරු-විදුහල්පති සංගම් නියෝජිතයේ ප්‍රකාශ කළහ. වත්මන් ආණ්ඩුව විසින්ම ජනවාරි මස ප්‍රකාශයට පත් කළ සුබෝධනි කමිටු වාර්තාව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලෙකම්වරු 5 දෙනකු විසින් කළ අධ්‍යයනයකින් ඉදිරිපත් කළ විසඳුම් යෝජනාවක් බව පෙන්වා දෙන ඔවුහු පවසා සිටින්නේ, එවැනි කමිටු කාලය මැරීමට පමණක් කළ මැදිහත්වීම්දැයි තමන්ට සැකයක් පවතින බවය. තමන් අවම වශයෙන් ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව ඉදිරිපත් වූ ඒ වාර්තාව මත පදනම්ව විසඳුමක් ලැබේ යැයි අපේකෂා කළ නමුත් අවසානයේ ඇමති මන්ඩලයේ තීරණයක් පමණක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

රුපියල් පන්දහසක දීමනාවක් තමන්ට කිසිසේත් එකඟ විය හැකි විසඳුමක් නොවන බව පවසා සිටි ගුරු විදුහල්පති සංගම් නියෝජිතයෝ, සුබොධනි කමිටුව යෝජනා කළ රු 21000 වැටුප් ඉහළ නැංවීමේ පියවරක් ලෙස ආණ්ඩුව කියන ආකාරයෙන් රු 11000 වැටුප් ඉහළ නැංවීමක් හෝ ඉදිරිපත් කරන්නට ආණ්ඩුව තීරණය කළ යුතුව තිබුණු බව අවධාරනය කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...