සිසු – ජන ක්‍රියාකාරීන්ගේ ලබන 7වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරයි

අධ්‍යාපනය මිලිටරිකරණයට හා පෞද්ගලිකකරණයට එරෙහිව විරෝධතාවක් නිසා අත්අඩංගුවට ගත් ශිෂ්‍ය හා දේශපාලන ක්‍රියාකාරිකයන් 5 දෙනා අද(31) අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුව තිබුණු නමුත් කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා අද දින නිවාඩු ගෙන තිබීම නිසා එම ක්‍රියාකාරීන් ලබන මස 07වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබේ.

මෙම නඩුව අගෝස්තු 11 වැනිදා කඩුවෙල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නිවාඩු ගොස් සිටීම නිසා නඩු විභාගය 17වනදා දක්වා කල් දැමීමට තීරණය විය. ඉන්පසුව අගෝස්තු 17 වැනිදා කැඳවීමේදී විරෝධතාකරුවන් අද දින ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගකර තිබිණි.

අගෝස්තු 03 වනදා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මංසන්ධිය අසළ පැවති සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවට සහභාගි වී නිවස බලා යමින් සිටි සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි එදිනම අත්අඩංගුවට ගෙන තිබිණි. ඉන්පසුව, පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත එදින රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රි ජයවඑර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අගෝස්තු 05 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරු සංවිධානය කළ විරෝධතාවකට සහභාගි වීමට යමින් සිටියදී නාඳුනන කණ්ඩායමක් විසින් පැහැර ගැනීමට ලක් විය. එදිනම රාත්‍රියේ රූපවාහිනී සංවාදයකට සහභාගි වීමෙන් පසු නිවසා කරා යමින් සිටියදී 06 වනදා පාන්දර අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගනු ලැබීය. අගෝස්තු 13 වැනිදා රජරට විශ්වවිද්‍යාලයේ හේෂාන් හර්ෂන ශිෂ්‍යයා අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ අනුව විනිසුරුවරයා අදත් නිවාඩු ගොස් තිබීම හේතුවෙන් විරෝධතාවයට සහභාගි වීම නිසා අත්අඩංගුවට පත් පස්දෙනටෙ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ කල්හැරීමට සිදුව ඇත. ඔවුන් අතුරින් තිදෙනකුට බන්ධනාගාරයේදී කෝවිඩ් ආසාදනය වූ බව පසුගිය දා වාර්තා විය.

 

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...