පැරාඔලිම්පික් තරඟාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලංකාවට පදක්කම් දෙකක්

ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීම ඉසව්වෙන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනකු සමත් වී තිබේ.

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට සමත් වූවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයායි. ඒ නව ලෝක වාර්තාවක් ද තබමිනි.

F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් විසින් එම නව ලෝක වාර්තාව තබා ඇති අතර ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.

මීට පෙර මෙම ඉසව්වේ ලෝක වාර්තාව සටහන් වූයේ මීටර් 63.79ක් ලෙසය.

ඒ අනුව දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වු අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ දිනා ගත් ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.

ඊට අමතරව අද අවසන් වූ හෙල්ල විසි කිරීම පිරිමි F64 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කු සමත් වී තිබේ.

ඔහු එහිදී මීටර් 65.61 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වූ අතර එය ඔහුගේ ක්‍රීඩා දිවියේ ඉහළම දස්කම වීම විශේෂත්වයකි.

මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ සුමිට් (මීටර් 68.55) හිමිකර ගත් අතර ඕස්ට්‍රේලියාවේ මයිකල් බුරියන් (66.29) රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...