ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සටන්කරුවා – මිජේයින් ලෝපෙස්

කියුබාවේ මිජේයින් ලෝපෙස් මල්ලවපොර තරඟයකදී ඔලිම්පික් පදක්කම් හතරක් ලැබූ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාස පොතට එකතු විය.

කිලෝග්‍රෑම් 130 බර පන්තිය යටතේ ටෝකියෝ හි පැවති අවසන් මහා තරඟයේදී ජෝර්ජියාවේ ඉකොබි කජියා 5-0ක් ලෙස පරාජය කරමින් ඔහු මෙම ජයග්‍රහණය ලැබීය.

දැනට 38වැනි වියේ පසුවන ලෝපේස් මීට පෙර 2008 , 2012 සහ 2016 වසරේදී ද මල්ලවපොර ක්‍රීඩාවෙන් රන් පදක්කම් දිනා තිබේ. මේ ආකාරයට මල්ලවපොර ක්‍රීඩාවෙන් පදක්කම් 04ක් දිනා සිටින අනෙක් ක්‍රීඩිකාව වන්නේ ජපානයේ Kaori Icho යි.

ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය ඔහුගේ අවසන් තරඟය වෙනු ඇති බව මිජේයින් ලෝපෙස් පවසා තිබේ. ඔහු පවසන්නේ ඉදිරියේදී ඔහු ඉදිරි පරම්පරාව සඳහා තම දැනුම බෙදා දීමට බලාපොරත්තු වෙන බවයි.

කියුබාවෙි පිනාර් ඩෙල් රියෝ හි උපන් මිජේයින් ලෝපෙස් කුඩා අවධියේදී ඔහුගේ දෙමාපියන්ට , එළවළු සහ කෝපි පෙට්ටි රැගෙන යාමට උදව් කර තිබේ. ඔහුගේ දක්ෂතාවය හඳුනා ගන්නා පුහුණුකරුවෙක් වයස අවුරුදු 10 දී ඔහු මල්ලවපොර ක්‍රීඩාව වෙත යොමුකර තිබෙන අතර , වයස අවුරුදු 17 දී කියුබානු ජාතික කණ්ඩායමට ඇතුළත්ව තිබේ. තවත් වසර පහකට පසු ඔහු අතෑන්ස් ඔලිමිපික් උළෙලට සිය රට නියෝජනය කර තිබේ.

2008 වසරේ දෙවරක් ඔහුගේ පාදය බිඳී ගොස් තිබේ.

“ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සටන්කරුවා” ලෙස හැඳින්වෙන මිජේයින්, කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කැස්ත්‍රෝගේ උරුමයට ගෞරව කරමින් පවසා තිබුණේ “කියුබාවේ ක්‍රීඩාව ගැන සැලකිලිමත් වූ සහ අපරාජිත වූ අපේ අණ දෙන නිලධාරියාට මෙම ප්‍රතිඵලය ලැබිය යුතු යැයි මම විශ්වාස කරන අතර අපේ විප්ලවය සිදු කළ උත්සාහයට ඔහුට ස්තූතිවන්ත විය යුතුයි,”

Share post:

Popular

More like this
Related

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...