රුසියාවේ ආධාර රැගත් ගුවන් යානයක් එක්සත් ජනපදයට

ඇමරිකා එක්සත් ජනපදය covid-19 ආසාදනයේ කේන්ද්‍රස්ථානය බවට අද පත්වී තිබෙනවා. කොරෝනා වෛරස සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරීන් ද පාලකයින් ද දැඩි අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වෙනවා. සුගිය දිනවල කට මැත දොඩවපු ඩොනල් ට්‍රම්පට කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය කර ගැනීම සඳහා වෙනත් රටවලින් ආධාර ඉල්ලීමටද සිදුවී තියෙනවා.

ඩොනල් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රුසියාව ඇමරිකාවට වෛද්‍යාධාර සැපයීමට එකගතාව පළ කළා. එකඟතාවයට අනුව බදාදා දිනයේදී රුසියානු වෛද්‍යාධාර රැගත් ගුවන් යානයක් ඇමරිකාවට ළඟාවීමට නියමිතයි.

covid-19 ඇමරිකානු ජනගහනයෙන් 81% ක් නිවෙස් වල කොටු කරන්න සමත් වෙලා තිබෙනවා .මේ මොහොත වන විට ඇමරිකානුවන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී තිබෙන අතර 4100 වැඩි පිරිසක් මරණයට පත්වී ,7300 සුවය ලබා ඇත. තවදුරටත් වෛරසය ව්‍යාප්ත වීම පවතින අතර ඉදිරිය ඇමරිකාවේ ජනතාවට දුෂ්කර කාලවකවානුවක් වනු ඇතැයි විචාරකයෝ පවසනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...