ඉෂාලිනී… මේ මගේ දියණියයි

ඉෂාලිනීගේ මරණයට අදාල නඩුකරය ඉදිරියට ගෙනියන්න බෑලු. නීතියෙන් එහෙම ඉඩක් නෑලු. දන්න කියන ලෝයර් මහත්තුරු නෝනලත් කියන්නෙම ඒකමයි. ඒ අස්සෙ 41 සේනාංකයේ ලෝයර් මහත්තුරුත් අද මාධ්‍ය සාකච්ඡාවක් තියල කිවුවෙත් ඒකමයි.

නීතිය එහෙම වෙන්න ඇති. හැබැයි මේ සමාජය සාධාරණයක් ඉල්ලනවා. මේ සමාජයේ ජීවත් වෙන අපි සාධාරණයක් ඉල්ලනවා. ඒ සාධාරණය දේශපාලනය කියන ගඳ ගහන කඩතුරාවෙන් වහන්න දෙන එක කොයි තරම් නරුම දෙයක්ද කියන එක හැමෝටම දැනෙන්න ඕනෙ දෙයක්.
නීතියට හැඟීම් නැහැ. දැනීම් නැහැ. මනුෂ්‍යත්වය සමාජ සාධාරණය කියල එකක් නැහැ. එතන තියෙන්නේ සාක්ෂි විතරමයි.

හැබැයි මේ ඉන්නෙත් දුවෙක්. දුවෙක් කියන්නෙ සම්පතක්. දුවෙක් කියල විශේෂයක් නෑ දරුවො කියන්නෙම සම්පතක්. “හොඳම දේ දරුවන්ට” කියල කියන්නෙ ඒ නිසයි. ඉෂාලිනිට වගේම මේ රටේ සුවහසක් දරුවන්ට හොඳම ලැබෙන්න ඕනෙ. මේ රටේ තවත් දරුවෙකුට ඉෂාලිනීට වෙච්ච දේ නොවෙන්න නං ඉෂාලිනීට සාධාරණයක් ඉටු විය යුතුමයි.

නීතියට හදවතක් නෑ තමයි. හැබැයි අපි කියන්නෙ හදවත් තියෙන මිනිස්සු. ඒ හදවතට සාධාරණයක් ඕනෙමයි…

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...