වතු කම්කරුවන් මුහුණ දෙන ගැටළු ගැන වතු කම්කරු මධ්‍යස්ථානයෙන් කම්කරු කොමසාරිස්ට ලිපියක්

වතු කම්කරුවන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව වතු කම්කරු මධ්‍යස්ථානයෙන් කම්කරු කොමසාරිස්වරයාට ලිපියක් යොමුකර තිබේ. එම ලිපිය මගින් පවසන පරිදි කිසිදු සංචාරන සීමා මධ්‍යයේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමකින් තොරව වතු කම්කරුවන් සේවයට කැඳවීම හරහා ඔවුන්ගේ ජීවිත අවදානමකට ඇද දමා තිබේ.

එසේම නිසි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් අනුගමනය කිරීමට අවශ්‍ය භෞතික පහසුකම් වතු කම්කරු ජනතාවට සහ වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාවට නොමැති හෙයින් ඔවුන්ගේ ජීවිතවලට ඇති අවදානම සැළකිල්ලට ගෙන කඩිනමින් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද වතු කම්කරු මධ්‍යස්ථානය මෙම ලිපිය මගින් පවසා තිබේ.

ඊට අමතරව ආසාදිත කම්කරුවන්ට සහ නිරෝධායනය වෙමින් සිටින වතු කම්කරුවන්ට වැටුප් සහිත නිවාඩු ලබාදිය යුතු බවද එම ලිපියේ සඳහන් වේ.

වතු කම්කරු මධ්‍යස්ථානය වැඩිදුරටත් කම්කරු කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටින්නේ පඩි පාලක සභාව විසින් නියම කරන ලද දිනක මූලික වැටුප 1000ක් ලබාදීම විවිධ හේතු ඉදිරිපත් කරමින් කප්පාදු කිරීම ඇතුළු වතු කම්කරුවන් මෙතෙක් භුක්ති විඳි වරප්‍රසාද කප්පාදු කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා තම සංගමයට සාකච්ඡාවක් ලබාදෙන ලෙසයි.

වතු කම්කරු මධ්‍යස්ථානය කම්කරු කොමසාරිස්වරයා වෙත යවන ලද ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...