‘ව්‍යාජ තොරතුරු’ ප්‍රචාරය කරන්නන් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි බවට පොලිසියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමකදී කිසිදු වරෙන්තුවක් නොමැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි බව සඳහන් කරමින් පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පෙර පැවති ආකාරයට, අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම පමණක් නොව “මහජනතාව අතර වෛරය හා ද්වේශය පැතිරවීම”ත් වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් බව එහි සඳහන් වේ. මේ තර්කය භාවිතා කර ආණ්ඩුවට විරුද්ධ මත දක්වන අයකු පවා කිසිදු වගවිභාගයකින් තොරව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතියි.

මේ අනුව, මාධ්‍ය මර්දනය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම පාලනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැහැදිලි වේ.

පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනය පහත පළ කරමු.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...