ප්‍රවාහන ප්‍රශ්නය ඇතුළු වෘත්තීය ඉල්ලීම්වලට තවමත් විසඳුමක් නැහැ – සෞඛ්‍ය සේවකයන් අඛණ්ඩ සත්‍යග්‍රහයක

වසංගතය හමුවේ පොදුවේ සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන විශේෂ ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා සහ දින 180 සම්පූර්ණ කරන ලද කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ස්ථිර නොකිරීමට එරෙහිව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

මේ සත්‍යග්‍රහය පිළිබඳ අදහස් දක්වමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසා කනිෂ්ඨ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් වසර ගණනාවක සිට අරගල කළද මේ වන තෙක් ඊට විසදුම් නොලැබීම නිසා මෙම ක්‍රියාමාර්ගය සදහා අවතීරණ වීමට සිදුවූ බවත් ඉදිරියේදී දිවයිනපුරා පිහිටි රෝහල් ඉදිරිපිට සත්‍යග්‍රහයන් ආරම්භ කිරීම සදහා කටයුතු කරන බවයි.

දින 180 සම්පූර්ණ කළ අනියම් ආදේශක සෞඛ්‍ය සේවකයින් අදාල කාලය සම්පූර්ණ කර වසර ගණනාවක් ගතව තිබියදී ස්ථිර නොකිරීම තුලින් වසංගත අවදානම හේතුවෙන් සේවයට වාර්තා කළ නොහැකිව සිටින ගැබිණි මව්වරුන්ට වැටුප් නොලැබෙන බවද වාර්තා වේ.

ඊයේ ආරම්භ වූ සත්‍යග්‍රහයට සාපේක්ෂව ගැටළුවලට විසඳුම් ඉල්ලා ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කෑගල්ල, කළුතර, මොණරාගල, අම්පාර, නුවරඑළිය, හම්බන්තොට ඇතුළු දිස්ත‍්‍රික් මහ රෝහල් සහ එරාවූර්, වාලච්චේන, ගම්පොළ ඇතුලූ දිවයිනේ බොහෝ රෝහල් ඉදිරිපිටදී විරෝධතා සංවිධානයකර තිබුණි.

අඛණ්ඩ සත්‍යග්‍රහයට එක්වී සිටින සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් වන්නේ,

දින 180 සම්පූර්ණ කල සියලු අනියම් , ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථිර කිරීම.
සියලු සෞඛ්‍ය සේවකයන්ට කෝවිඩ් විශේෂ අවදානම් දීමනාවක් ලබාදීම.
සතියේ වැඩ කරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 ක දීමනාවක් ලබාදීම.
සේවක හිඟය වහා පියවීම.
ප්‍රවාහන , එන්නත්කරණ, ආරක්ෂිත උපකරණ ගැටලු වහා විසඳීම.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...

කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් 1% ක්  වත් ඉල්ලන නිදහස උදෙසා කාන්තාවෝ 

දළ දේශීය නිෂ්පාදනයෙන් අවම වශයෙන් 1% වත් ඉල්ලන්න යෝජනා...