Breaking News

වරාය නගර පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතහි ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවත් එම වගන්ති සංශෝධනය කර ඉදිරිපත් කරන්නේ නම් සරල බහුතරයක් ප‍්‍රමාණවත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිටු 62ක් සමන්විත බව වාර්තා වේ.

මෙම කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත දැනුම් දී තිබූ අතර අද (18) කතානායකවරයා විසින් එම නිගමනය පිළිබඳව සභාව දැනුවත් කර තිබේ.

leave a reply