වරාය නගර පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතහි ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවත් එම වගන්ති සංශෝධනය කර ඉදිරිපත් කරන්නේ නම් සරල බහුතරයක් ප‍්‍රමාණවත් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිටු 62ක් සමන්විත බව වාර්තා වේ.

මෙම කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත දැනුම් දී තිබූ අතර අද (18) කතානායකවරයා විසින් එම නිගමනය පිළිබඳව සභාව දැනුවත් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...