ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය නම් නොකර එජාපය නටන පිස්සුවට කැෆේ සංවිධානය විරෝධය පායි.

එක්සත් ජාතික පක්ෂය තවමත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකු පත් නොකිරීම මඟින් එම පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට පයින් ගසා ඇතැයි කැෆේ සංවිධානය කියයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දෙන්නේ පක්ෂ අභ්‍යන්තර අර්බුද නිසා එම පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බලපෑම් එල්ල කරමින් සිටින බවයි.

වහා ජාතික ලැයිස්තුවේ පුරප්පාඩු මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සකු පත් කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගරු කරන ලෙස ඉල්ලමින් කැෆේ සංවිධානය එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් වරයා වෙත ලිපියක් ද යොමු කර තිබේ.

මහ මැතිවරණය පවත්වා මාස 7කට අධික කාලයක් ඉක්ම ගියද තවමත් ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීමට අපොහොසත් වීම තුළින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනික අරාජිකත්වය බවද හෙතෙම පෙන්වා දුන්නේය. 2020 අගෝස්තු 5 වෙනිදා පැවති මහ මැතිවරණයෙන් ඡන්ද 249485 ක් ලැබූ එක්සත් ජාතික පක්ෂය ලැබූ 2.15% ක ඡන්ද ප්‍රතිශතය නිසා එක් ජාතික ලැයිස්තු මන්ත්‍ර ධුරයක් පමණක් හිමිවිය. නමුත් මේ වනතෙක් එම මන්තී ධුරය සඳහා සුදුස්සකු නම් කිරීමට එම පක්ෂය කටයුතු කොට නැත. ප්‍රකාශයට පත් කර ඇති එජාප ජාතික ලයිස්තුවට අනුව එහි මුලින්ම සඳහන් වන්නේ ජෝන් අමරතුංග මහතාගේ නම වුවද එම නම් කිරීම මෙතෙක් සිදු කර නොමැත. මෙම තත්වය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එල්ල කළ බලපෑමක් බව කැෆේ සංවිධානයේ අදහසයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...