ගජබින්න ඇත්ත කරන සෝෂල් මීඩියා පුවත්වලින් පරිස්සම් වන්න

Date:

අපි මෙි දකින්නෙ ලෝක නායකයෙක්ගෙ සැබෑ නිහතමානීබව, එහෙම නැත්නමි සිය කලු ඡාතිකයන්ට ගරු කිරීමෙි ඔහුට ඇති අවශ්‍යතාවය. ඒ තමයි එක්සත් ඡනපදයේ නව ඡනාධිපති ඡෝ බිඩෙන් . මෙි ඡායාරූප ඡෝ බිඩෙන් එක්සත් ඡනපදයේ ඡනාධිපතිවීමට පෙර සිය දරුවන්ගේ දරුවන්ට ඇදුමි මිලට ගැනීමට ගිය අතර තුර ඇතිවූ සිද්ධියක කොටස් දාමයන්ය. මෙම ඡායාරූප චිප් සොමොඩෙවිල්ලා Chip Somodevilla විසින් 2020 සැප්තැම්බර් 9 වන දින මිචිගන් හි දී ගන්නා ලද අතර ඇත්ත වශයෙන්ම ජෝ බිඩෙන් දණ ගසන්නේ ඩෙට්‍රොයිට් හි”Three Thirteen” නැමති ඇඟලුම් වෙළඳසැල හිමි ක්ලෙමන්ට් බ්‍රවුන්ගේ පුත් සී. ජේ. බ්‍රවුන් සමඟ කතාබහ කිරීමට ය. මක්නිසාද පළමුව ඡෝ බිඩෙන් ඔහු හා කතාකලවිට දරුවා සිය මව විය හැකි කාන්තාවකගේ දෑත් පිටිපස මුහුණ සගවා ගත් බැවින් තමාගේ කතාව දයාවෙන් යුතුව පැවසීමට ඡෝ බිඩෙන්ට දරුවාගේ උස ප්‍රමාණයට දණ ගසා ගැනීමට සිදුවිය.

මෙි අතීත සිදුවීම එකල ඡනමාධ්‍යට එතරමි වැදගත් පණිවිඩයක් නොවුනද නයිජීරියානු සෙනෙට් සභික ඩිනෝ මෙලේ Dino Melaye විසින් ඔහුගේ ට්විටර් ගිනුමෙි පලකල අසත්‍ය තොරතුරක් නිසා එය පළමුව නයිඡීරියාවෙිද පසුව අප්‍රිකා මහද්වීපයේ බොහෝ රටවල සමාඡ මාධ්‍ය හරහාද මෙය මෙි මොහොතේ ලැවි ගින්නක් මෙන් පැතිර යමින් පවතී.

ඩිනෝ මෙලේ සිය ගිනුමෙි මෙසේ සටහන් කර තිබිනි
‘‘ජාතිවාදී සුදු ඇමරිකානු පොලිස් නිලධාරීන් විසින් ඝාතනය කරන ලද කළු ජාතික ඇමරිකානුවෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දියණියගෙන් නව ඇමරිකානු ජනාධිපතිවරයා . සමස්ත ඇමරිකානු රජය සහ පුරවැසියන් වෙනුවෙන් මම ‘‘ ඔබෙි තාත්තාගේ අකල් මරණයට සමාව අයදිමි ‘‘ යයි පවසා සිටී ‘‘ මල්ලම් බී ‘‘ට මෙය කළ හැකිද? ( mallam B යනු නයිඡීරියාවෙි වත්මන් ඡනාධිපතිය )

සත්‍ය නමි මෙම ඡායාරූපයෙහි බිඩෙන් ෆ්ලොයිඩ්ගේ දියණිය ඉදිරියේ දණ ගසන්නේ නැත. ඔහු .දන නමන්නේ වෙනත් කලු ඡාතික දරුවෙකුට සවාධානව ඇහුමිකමි දෙනු පිනිසය නයිඡිරියානු සෙනෙටි සභිකයාගේ වචනවල කිසිදු සත්‍යතාවයක් නොමැති වුව ඡයාරූපයෙන් කියන කතාව උත්කෘෂ්ටය, මනරමිය, ආදරනීයය. එබැවින් සමහර බොරු සමාඡගත වීම හොදය.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...