බස්නාහිර හරිත පෙනහල්ල, මුතුරාජවෙල වැනසීමට එරෙහි වෙමු! Youth for Chenge විරෝධතා බැනරයක් අත්සන් කරයි

බස්නාහිර හරිත පෙනහල්ල, මුතුරාජවෙල වැනසීමට එරෙහි වෙමු! යන සටන් පාඨය යටතේ මුතුරාජවෙල තෙත්බිම් අභය භූමියේ සිදුවන පරිසර විනාශයට එරෙව වෙනසක තාරුණ්‍ය සංවිධානයේ (Youth for chenge) මූලිකත්වයෙන් අද(27) ඇලකන්ද ප්‍රදේශයේදී වි⁣රෝධතා බැනරය අත්සන් ලබාගැනීමක් සහ ජනතාව දැනුවත් කිරීමක් සිදුව තිබේ.

වෙනසක තාරුණ්‍ය සංවිධානය පවසන පරිදි මුතුරාජවෙල තෙත් බිම හරහා භූගත ජලය පිරිසිඳු කිරීම, ගංවතුර පාලනය කිරීම යන කරුණුවලට අමතරව මෙම භූමිය තුළ වටිනා ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් පවතියි. එසේ තිබියදී මෙම තෙත් බිම තුළට කසළ බැහැර කිරීම, බිම් කොටස් වාණිජ කටයුතු සඳහා විවිධ සමාගම්වලට ලබාදීම සිදුවෙමින් පවතින බව එම සංවිධානය පවසයි. දැනට මෙම පරිසර පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති බවත් එය වහාම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගනිමින් සංරක්ෂණය කරන ලෙස ද වෙනසක තාරුණ්‍ය සංවිධානය අවධාරණය කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...